මිනිස්සුන්ට නින්ද අත්‍යවශ්‍යයම දෙයක්නෙ. ඒත් මිනිස්සුන්ට නින්ද යන විදි හරිම වෙනස්. සමහර අයට නින්ද යනවා ඇඳට වැටුණු ගමන්ම. සමහර අයට පැය ගාණක් යනවා නින්ද සෙට්වෙන්න. සමහර අයට වාහනේක නැග්ග ගමන් නින්ද යනවා. තව සමහර කෙනෙකුට වාහනයක් දැක්ක ගමන් නින්ද යනවා.
ඒ කොහොම වෙතත් මේ ළඟදි අපට ආරංචි වුණා බැණුම් අහද්දි නින්ද යන කෙනෙක් ගැන විස්තරයක්.චිත්‍රපටයක නිෂ්පාදන අංශයකට සම්බන්ධ මොහු හැම මීටින් එකකදීම වැඩියෙන්ම බැණුම් අහන කෙනා.
හැබැයි ඉතින් මෙයාට බණින හැම වෙලාවකම එයා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැ. ගොඩාක් අය මුලින්ම හිතුවෙ එයා වරද පිළිගෙන නිශ්ශබ්දව ඉන්නවා කියලා.ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. එයාට බණින්න පටන් ගන්නකොටම එයාට කට කපලා නින්ද යනවා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
