සාමාන්‍යයෙන් ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගන්න යන උදවිය අඩුම ගාණෙ ඒ යන කාලෙදිවත් මත්වතුර පානයෙන් වැළකිලා ඉන්නවානෙ. ඒත් ඉතින් ඕකට බරපතළ විදිහට ඇබ්බැහි වෙච්ච අයටනම් ඕක හරි අමාරු වැඩක්.ඔය වගේ ශුද්ධ භූමියකට වන්දනාවෙ ගිය අපේ මිත්‍රයෙක් කරපු අපූරු වැඩක් ගැනයි මේ කියන්න යන්නෙ.
මචං මේ වගේ තැනකට ඇවිල්ලත් උඹට ඔය ජරා බීම නොබී ඉන්න බැරි වුණානෙ අම්මපා. අපිටත් එක්ක පව් සිද්ධ වෙනවා, එයා එක්ක ගමන ගිය හොඳම යාළුවෙක් කිව්වලු.නෑ මචං මම මේ ශුද්ධ භූමියේම පොරොන්දු වෙනවා, මම මේ මොහොතෙ ඉඳලා ජරා බීම බොන්නෙ නෑ. සත්තයි.
හරිම සතුටුයිලු කට්ටියටම. ඔන්න බොලේ පහුවදා දවල් කෑම කන්න ලෑස්ති වෙනකොට මෙයා බෝතලේකුයි, පාන් බාගෙකුයි, බයිට් වගේකුයි තියාගෙන ලකලෑස්ති වෙනවලු බොන්න.මොකක්ද හලෝ ඊයෙ නේද අර ශුද්ධ භූමියේදි පොරොන්දු වුණේ මේ ජරාව බොන්නෙ නෑ කියලා...
මම කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නැහැ මචං. මින් පස්සෙ මම මේ ජරාව බොන්නෙ නැහැ තමයි. මම මේ පාන් ගෙනාව හේතුව දන්නවද? මම මේ පාන් පෙති ටික ඔසුපැන්වල පොඟවලා කනවා. බොන්නෙනම් නැහැ මචං.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
