බොන්නෙම  නෑ මචෝ

  • 07-10-2019
  • Views 3667

2019-09-17-ent-771සාමාන්‍යයෙන් ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගන්න යන උදවිය අඩුම ගාණෙ ඒ යන කාලෙදිවත් මත්වතුර පානයෙන් වැළකිලා ඉන්නවානෙ. ඒත් ඉතින් ඕකට බරපතළ විදිහට ඇබ්බැහි වෙච්ච අයටනම් ඕක හරි අමාරු වැඩක්.ඔය වගේ ශුද්ධ භූමියකට වන්දනාවෙ ගිය අපේ මිත්‍රයෙක් කරපු අපූරු වැඩක් ගැනයි මේ කියන්න යන්නෙ.

මචං මේ වගේ තැනකට ඇවිල්ලත් උඹට ඔය ජරා බීම නොබී ඉන්න බැරි වුණානෙ අම්මපා. අපිටත් එක්ක පව් සිද්ධ වෙනවා, එයා එක්ක ගමන ගිය හොඳම යාළුවෙක් කිව්වලු.නෑ මචං මම මේ ශුද්ධ භූමියේම පොරොන්දු වෙනවා, මම මේ මොහොතෙ ඉඳලා ජරා බීම බොන්නෙ නෑ. සත්තයි.

හරිම සතුටුයිලු කට්ටියටම. ඔන්න බොලේ පහුවදා දවල් කෑම කන්න ලෑස්ති වෙනකොට මෙයා බෝතලේකුයි, පාන් බාගෙකුයි, බයිට් වගේකුයි තියාගෙන ලකලෑස්ති වෙනවලු බොන්න.මොකක්ද හලෝ ඊයෙ නේද අර ශුද්ධ භූමියේදි පොරොන්දු වුණේ මේ ජරාව බොන්නෙ නෑ කියලා...

මම කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නැහැ මචං. මින් පස්සෙ මම මේ ජරාව බොන්නෙ නැහැ තමයි. මම මේ පාන් ගෙනාව හේතුව දන්නවද? මම මේ පාන් පෙති ටික ඔසුපැන්වල පොඟවලා කනවා. බොන්නෙනම් නැහැ මචං.

 

  ► Text - Mithra