පහුගිය දිනක රූගත කෙරුණු චිත්‍රපටයක් සඳහා නර්තන දර්ශන කීපයක්ද යොදා තිබුණ නිසා එදා වෙනදට වඩා ලොකේෂන් එකේ කට්ටිය වැඩියිලු.
නර්තන කණ්ඩායමේ තරුණ ශිල්පීන් ඔවුන්ගේ වාරය එනතුරු තම තමන්ගෙ ෆෝන්වල කොට කොට ඉන්නවලු, කාටත් කරදරයක් නොවී.
බොහෝ වෙලාවට හෑන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන කට්ටියම ඉන්නෙ. නර්තන අධ්‍යක්ෂකවරයා අවශ්‍ය දර්ශන සඳහා ශිල්පීන් කතා කළේ නම්වලින්.
ඔය නටන ළමයි අතර හිටියා බුද්ධික කියලා ශිල්පියෙක්. නර්තන අධ්‍යක්ෂක ‘බුද්ධික’ කියලා කතා කරපු ගමන් ඒ ළමයා කනේ ගහගෙන ඉන්න වයර් එක ගලවලා අහනවා “මංද?” කියලා.
ඒ නිසාම දර්ශන තලයේ එයාට හොඳ කාඩ් එකක් වැදුනලු “මංද - බුද්ධික” කියලා.
►Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
