මගෙ ඇස් අන්ධ කළේ ඇයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-643එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ යෞවන වයසේදී සිදුවූ අපූරු අත්දැකීමක් ගැන චිත්‍රපට දර්ශන තලයකදී පැවසුවේ කාටත් සිනා උපද්දවමින්.

අපි තරුණ කොල්ලො කාලෙ පොඩි විනෝද ගමනක් ගියා. එදා කට්ටිය ඉතින් ටිකක් සප්පායම්වෙලා හිටියෙ. හවස් වෙද්දී අපේ එක යාළුවෙකුගෙ ඇස් දෙකම රතුවෙන්න පටන් ගත්තා. ඒ පැත්තෙ හිටිය දොස්තර කෙනෙක් ගාවට එදා රෑම අපේ යාළුවාව ගෙනිහිල්ලා පෙන්නුවා. එතකොට ටිකක් රෑවෙලා. දොස්තරට අපි ඇත්ත විස්තරේ කිව්වම එයා කිව්වා, බය වෙන්න එපා, අපි ඇස් දෙකට බෙහෙත් බින්දු දෙකක් දාලා ටික වෙලාවක් ඉඳලා බලමු කියලා. ඔන්න දැන් ඇස් දෙකට බෙහෙත් බින්දු දෙකක් දාලා ඇස් දෙකම වෙළුම් පටියකින් බැඳලා, ටික වෙලාවක් හාන්සිවෙලා ඉන්න කිව්වා.

විනාඩි විස්සකින් විතර ඒ වෙළුම් පටි දොස්තර ගලවලා ඉවර වෙනවාත් එක්ක එකපාරටම ලයිට් ගියා. අද වගේ නෙවෙයි ඒ කාලෙ ජංගම දුරකතන ටෝච් තිබ්බෙ නැහැ. ලයිට් ගිය වෙලාවක ඉටිපන්දමේ පිහිට විතරයි. ඉතින් වෙළුම් පටි ගලවනවත් එක්කම අපේ මිත්‍රයා හොඳටම කලබලවෙලා ළඟ හිටිය යාළුවන්ටයි, දොස්තරටයි අතින් පයින් ගැහුවා.

මගේ හොඳට තිබ්බ ඇස් දෙක මේ දොස්තර ගාවට ගෙනල්ලා අන්ධ කළා නේද? උඹලට හොඳක්නම් සිද්ධවෙන්න එපා, කියලා මහ හයියෙන් කෑගැහුවා. පස්සෙ දොස්තර කිව්වා, ඔයාට විතරක් නෙවෙයි අපි කාටත් කිසිම දෙයක් පේන්නෙ නැහැ කරන්ට් ගිහින් තියෙන්නෙ. පොඩ්ඩක් ඔහොමම ඉන්න මම ඉටිපන්දමක් පත්තු කරගෙන එනකම් කියලා.

 

DESHAYA