සමහරු චිත්‍රපට කරන්න ගියාම සෑහෙන කාලයක් ගන්නවා. සමහර අයට නම් එහෙම නැහැ. ක්ෂණික නූඩ්ල්ස් වගේ තමයි. ඒකට හේතුව තමයි මිනිස්සු හැටියට අපට තියෙන විවිධ දක්ෂතා.
ඉතින් කාලෙකට ඉස්සර එක්තරා චිත්‍රපටකරුවෙක් නිර්මාණයක් කරන්න පටන් ගත්තලු. වැඩේනම් හොඳට කරනවා, නමුත් එයාට වැඩ කරන්න සෑහෙන කාලයක් යනවා.
මේකත් සෑහෙන්න ඇදි ඇදී කෙරුණු වැඩක්. අවුරැදු දෙකකටත් වඩා වැඩේ ඇදුණලු.
මේ හේතුව නිසා මේකෙ රඟපාන නළු නිළියන්ට සෑහෙන්න දින ප්‍රශ්නත් මතු වුණා.මේකෙ ප්‍රධාන චරිතය රඟපාන ජනප්‍රිය නළුවා කොණ්ඩෙට වෙනම හදපු විග් එකක් දාලයි රඟපාන්නෙ.
වැඩේ මේ වගේ ඇදි ඇදී යනකොට අර නළුවා අධ්‍යක්ෂකවරයාට කිව්වලු මේ විදිහට වැඩේ දිග්ගැස්සුණොත් අනිවාර්යයෙන්ම එයාගෙ ඔළුවට දාපු විග් එකත් ඉදෙයි කියලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
