මේකත් එක්තරා දර්ශන තලයකදී ඇහුණු අපූරු කතාවක්.
දැනට විශ්‍රාමික සුවයෙන් තම ආදරණීය බිරිය සමඟ කල්ගත කරන ජ්‍යෙෂ්ඨ කලාවට සම්බන්ධ පුද්ගලයෙකුගෙ කතාවලු මේක.අවුරුදු 80වත් පහු කරපු මේ ශිල්පියාගේ බිරියට ශ්‍රවණාබාධයක් කාලෙක ඉඳලා තිබුණලු. ශ්‍රවණ ආධාරකයක් පාවිච්චි කරන්නත් මෙයා අකැමැතිලු.ඒත් තත්ත්වය උත්සන්න වුණාට පස්සෙ ඇය කැමතිවෙලා ශ්‍රවණ ආධාරකයක් පළඳන්න.
ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරලා මුල් වරට ශ්‍රවණ ආධාරකයත් පැළඳගෙන ඇය ගෙදර ආවලු. ගෙදර ඇවිත් ටික වෙලාවක් යද්දී ඇය ස්වාමියාට කියනවලු මෙහෙම.කෝ අනේ දහස් ගාණක් වියදම් කරලා මේ කනේ ගහන ගැජට් එක ගැහුවට මට දැන් ඔයා කතා කරන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑනෙ, කියලා.ඉතින් හාමිනේ මම කතා කරන්න එපායැ ඔයාට ඇහෙන්න. මම මේ දැන් චුවින්ගම් එකක් කන ගමන්නෙ ඉන්නෙ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
