ටෙලිනාට්‍යයක් රූපගත කිරීම් නිමාවූ පසු කණ්ඩායම විසිර යන්නට මත්තෙ පුංචි සාදයක් පැවැත්වුණා. ඒ නාට්‍ය රූගත කළ කාලය පුරාම අධ්‍යක්ෂක හා එක්තරා නිළියක් අතර විවිධ මත ගැටුම් තිබුණා.ඒත් වැඩේ ඇදගෙන ගියේ නිෂ්පාදකවරයාගේ ඉවසීම නිසා කියලයි හැමෝම කියන්නෙ.
ඔන්න දැන් පාටිය අතරතුර අර නිළිය යන්න ලෑස්ති වෙලා අධ්‍යක්ෂකගෙන් හා නිෂ්පාදකගෙන් සමුඅරන් යන්න යනවලු.“මට කවදාවත් ඔයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබෙන්නෙ නැහැ. අධ්‍යක්ෂකවරයා ඇයට කිව්වලු.“ඇත්තටම ඒ වචන ටික මට සම්මානයක් ලැබුණා වගේ. ඇය කිව්වලු.
ඒක අහගෙන හිටිය නිෂ්පාදකවරයා මෙහෙම කිව්වලු.“ඔයා ඕක වැරදියට තේරුම් ගත්තේ. අපේ ඩිරෙක්ටර් කිව්වෙ ඔයා වගේ කෙනෙක් කවදාවත් ලැබෙන්නෙ නැහැ. ඔයාට වඩා හොඳ කෙනෙක් වැඩ කරන්න ලැබෙයි කියලනෙ.
Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
