ඔන්න කලා ශිල්පිනියක් පසුගිය දවසක සුපිරි වෙළෙඳසැලක භාණ්ඩ මිලදී ගනිමින් සිටියදී ඇයට දුරකථන ඇමතුමක් ලැබෙනවලු.
ගුවන් විදුලි නාලිකාවක ඇය හොඳින් දන්නා නිවේදකයෙක්. හා කොහොමද අක්කේ?හොඳින් ඉන්නවා මල්ලී..
අක්කේ ඔයාට හදිසි කරදරයක් වුණාම කාටද මුලින්ම කියන්නේ? එහෙම කරදරයක් වුණාම මුලින්ම කියන කෙනා තෝරන්නේ මොන පදනමක් මතද?ඇයි මල්ලි එකපාරටම ඔහොම අහන්න හිතුණේ?පොඩ්ඩක් ඔහොම ඉන්න අක්කේ. පොඩ්ඩක් ඔහොම ඉන්න.
දැන් මේ ශිල්පිනිය හිතුවේ අර නිවේදකයට වෙනත් දුරකතතන ඇමතුමක් ලැබෙන්නට ඇති කියාය.එක පාරටම ඇයට මෙහෙම ඇහෙනවා. ඔව් අපි දැන් සජීවීව සම්බන්ධ කරගන්නේ අහවල් කලා ශිල්පිනියයි. ඔව් ඔබ කියන්න ඔබට හදිසි කරදරයක් වුණාම මුලින්ම කාටද කියන්නෙ කියලා?ඇය කරකියා ගන්න බැරි තැනකට තල්ලු වුණාලු.
පොඩ්ඩක් ඔහොම ඉන්න. මම දැන් ඉන්නෙ අහවල් සුපර් මාර්කට් එකේ. මට මේ වුණු කරදරය කාටද කියන්නෙ කියලා හිතලා කියන්නම් ඇය කිව්වලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
