මාර password



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-1098අද අපි කොහේ ගියත් අපේ ජංගම දුරකතනය ළඟ තියෙන්නම ඕනෙ. ඒ තරමට නැතුවම බැරි අංගයක් වෙලා.

ඒ වගේම තමයි වැඩ රාජකාරිත් එක්ක ගමන් බිමන් යන අය අනිවාර්යයෙන්ම හොයන්නෙ Wi-Fi තියෙන ස්ථාන.

දර්ශන තල හොයමින් පිට පළාතක සුපිරි අවන්හලකට ගොඩවුණු අපේ කලා ශිල්පියෙකුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න වෙලාලු. මේ අවන්හලේ Wi-Fi තියෙනවා. වැඩියෙන්ම ගැවසෙන්නෙ විදේශික සංචාරකයො.ලැප්ටොප් එකක් එක්ක මේසයක වාඩිවෙලා ඊමේල් වගයක් යවන්න මේ ශිල්පියා ලැහැස්ති වුණාලු.

අවන්හලේ නිලධාරියෙකුගෙන් Wi-Fi password එක මොකක්ද කියලා ඇහුවම ඔහු කියලා තියෙන්නෙ First buy your meals (මුලින්ම ආහාර මිලදී ගන්න) කියලයි. ඔහු ආහාරපාන මිලදී ගෙන මේසය මත තියලා නැවතත් Wi-Fi password එක ඉල්ලලා තියෙනවා.

එවිටත් ඔහු කියලා තියෙන්නෙ කලින් කී දෙයමයි. මුලින්ම ආහාර මිලදී ගන්න කියලයි.මම ආහාර මිලදී ගත්තනෙ. ඔහු නිලධාරියාට කිව්වලු.ඉතින් සර් මම කලිනුත් password එක කිව්වනෙ..බැලින්නම් &First buy your meals කියන්නෙ ඒ අයගෙ Wi-Fi password එකලු.

 

DESHAYA