තරුණ කලා ශිල්පියෙක් එදා ෂූටින් ගිහින් නැහැ. තද උණකින් පෙළෙන බව අධ්‍යක්ෂකට කල් ඇතුව පණිවිඩයක් යවලා.ඒත් ඔහු එදා යාළුවො කට්ටියක් එක්ක ගමනක් යන්න කලින්ම සැලසුම් කරලයි තිබුණෙ. දොස්තර මට කියලා තියෙන්නෙ දවස් දෙකක් ඇඳෙන්වත් බහින්න එපා කියලා, ඔහු අධ්‍යක්ෂකට කියලා තිබ්බෙ එහෙමයි.
එත් එදා ඔහු ගෙදරින් එළියට බැස්සා විතරයි, අධ්‍යක්ෂකගෙන් ඔහුට කෝල් එකක් ඇවිත්. කරකියාගන්න බැරුව ඔහු ළඟපාතක තිබුණු අතුරු පාරකට ගිහින් අතින් දුරකතනය වහලා කතා කළේ ගෙදර ඉන්න බව අඟවන්නටයි.ඒත් එක්කම සිදුවුණේ අනපේක්ෂිත සිද්ධියක්. ඔහු කතා කරමින් සිටි අතුරුපාරට මාළු වෙළෙන්ඳෙක් බයිසිකලෙන් පැමිණියේ මාළු - බෝල්ලො, සාලයෝ, කෙලවල්ලෝ කියමින්.අධ්‍යක්ෂකවරයා දුරකතන ඇමතුම එසැණින් විසන්ධි කළා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

