පහුගිය කාලෙක තිබුණනෙ කිරිපිටි හිඟයක්. කිසිම කිරිපිටි වර්ගයක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවුණා ඒ කාලෙ. ඔන්න අපේ කලා ශිල්පියෙකුත් ඒ කාලෙ අමතක නොවන අත්දැකීමකට මුහුණදීලා තියෙනවා.එයා කොහෙ හරි ෂූටින් ගිහින් එන ගමන් දැකලා තියෙනවා වහලා තිබුණු කඩයක් ඉස්සරහ මිනිස්සු කට්ටියක් පෝලිමේ ඉන්නවා. ළඟට ගිහින් විපරම් කළාම දැනගෙන තියෙනවා ඒ කඩේ එදා කිරිපිටි විකුණනවා කියලා. ඒත් තාම කඩේ වහලා.අපේ ශිල්පියාත් පෝලිමට එකතුවෙලා.
ටික වෙලාවකින් මනුස්සයෙක් පෝලිම පැනලා ඉස්සරහටම යන්න උත්සාහ කරලා. කට්ටිය එකතුවෙලා මිනිහව පෝලිමේ පස්සටම යවලා.ඔන්න ආයෙත් අර මිනිහා එනවලු පෝලිමේ ඉස්සරහට. ආයෙත් මිනිස්සු කෑගහලා අර මනුස්සයාව පස්සට යැව්වලු. බැරිම තැන අර මනුස්සයා පෝලිමේ ඉන්න මිනිස්සුගෙන් ඇහුවලුෙඅද මට කඩේ අරින්න දෙන්නෙ නැද්ද?කියෙලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
