පහුගිය කාලෙක තිබුණනෙ කිරිපිටි හිඟයක්. කිසිම කිරිපිටි වර්ගයක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවුණා ඒ කාලෙ. ඔන්න අපේ කලා ශිල්පියෙකුත් ඒ කාලෙ අමතක නොවන අත්දැකීමකට මුහුණදීලා තියෙනවා.එයා කොහෙ හරි ෂූටින් ගිහින් එන ගමන් දැකලා තියෙනවා වහලා තිබුණු කඩයක් ඉස්සරහ මිනිස්සු කට්ටියක් පෝලිමේ ඉන්නවා. ළඟට ගිහින් විපරම් කළාම දැනගෙන තියෙනවා ඒ කඩේ එදා කිරිපිටි විකුණනවා කියලා. ඒත් තාම කඩේ වහලා.අපේ ශිල්පියාත් පෝලිමට එකතුවෙලා.
ටික වෙලාවකින් මනුස්සයෙක් පෝලිම පැනලා ඉස්සරහටම යන්න උත්සාහ කරලා. කට්ටිය එකතුවෙලා මිනිහව පෝලිමේ පස්සටම යවලා.ඔන්න ආයෙත් අර මිනිහා එනවලු පෝලිමේ ඉස්සරහට. ආයෙත් මිනිස්සු කෑගහලා අර මනුස්සයාව පස්සට යැව්වලු. බැරිම තැන අර මනුස්සයා පෝලිමේ ඉන්න මිනිස්සුගෙන් ඇහුවලුෙඅද මට කඩේ අරින්න දෙන්නෙ නැද්ද?කියෙලා.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
