සමගියෙන් හදාපු ජනබලවේගෙ සමහර වැඩ අච්චාරු කරන පොරක් ඉන්නවලු...පක්ෂයෙ ඇතුල් කට්ටලේ ඉහළම උපදේශන මට්ටමේ ඉන්න මුන්නැහේ පක්ෂ ප්‍රධානියට ආර්ථික විතරක් නෙවෙයි ආගමික උපදෙස් පවා දෙන කෙනෙක් කියලයි පක්ෂය ඇතුළෙම අය කියන්නෙ.
කාලයක් තිස්සෙ කවුන්සිලේ හිටපු මුන්නැහේ නියෝජනේ කරපු ආසනේට හරිහමන් දෙයක් නොකළ නිසා මේ පාර එයා ඡන්දෙට ආවෙත් නැහැ. ජාතික ලැයිස්තුගත වෙලයි ඉන්නෙ...
ඉතින් උන්නැහේට පක්ෂය ඇතුළෙන් ඊයෙ පෙරේදා ලොකු පෝරියල් එකක් ලැබුණා. ඒක සිද්ධවුණේ කොළඹ දිසාවෙ සමගි බලවේග කස්ටියගෙ මීටිමේදියි...
මීටිමේ මුලසුනේ ඉඳල තිබෙන්නෙ පක්ෂ නායක තැනයි. මේ පෝරියල් එකට හේතුව පක්ෂ ලොකු මහත්තයගේ උපදේශකයෙක් වගේ ඉඳන් මේ පාර ඡන්දෙ ඉල්ලන දෙන්නෙක් විතරක් ඉස්සරහට තල්ලු කරන්න මෙයා වැඩ කිරීමලු...
ඒ දෙන්නම ඡන්දෙ දිනාගන්න සටන් කළාට ලේසි නැති සටනකයි ඉන්නෙ. ඒ හින්ද මේ උපදේශක තැනගෙ සහයෝගයෙන් ආගමික ඡන්ද අර ඡන්ද මේ ඡන්ද තමන්ගෙ බාස්කට් එකට දාගන්න අර දෙන්නා හදන බවයි අනෙක් අපේක්ෂක කස්ටිය චෝදනා කළේ. මේක දැන් සමගියෙන් හදාපු බලවේගෙ මුල්පුටු රත් කරපු සටනක් බවට පත්වෙලා ඉවරයි... සටන උග්‍ර කරපු විරෝධතාකරැවො ඉල්ලන්නෙ මේ හිටපු ඇමැති සයිස් උපදේශක වහාම පැත්තකින් තියන්න කියලලු...
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
