මේ නත්තල් කේක් හොඳේ

  • 11-01-2020
  • Views 1541

2019-12-18-ent-984පහුගිය නත්තල් සමයේ එක්තරා චිත්‍රපට රූපගත කිරීමක් අතර ප්‍රවීණ කලා ශිල්පිනියක් දර්ශන තලයේ සිටි හැමෝටම නිවසේ හදන ලද නත්තල් කේක් කෑල්ල බැගින් ලස්සනට ඔතලා ගෙනැත් දුන්නා.

ඕක දෙන ගමන් ඇය හැමෝටම කිව්වේ මේක ක්‍රිස්මස් කේක් හොඳේ කියලා. ඉතින් හැමෝම ඇයට තෑන්ක් යූ කියලා.හැබැයි එතන හිටිය එක කොල්ලෙක් මේ ශිල්පිනියගෙන් ඇහුවා මොකද මේ අක්කා - ක්‍රිස්මස් කිය කිය මේක බෙදන්නෙ කියලා.

නෑ ඉතින්... නැත්තං සමහරැ හිතයි මේක වෙඩිං කේක් කියලා,ඇය ගත් කටටම කිව්වා.ඇගේ 70 වන උපන්දිනය යෙදී තිබුණෙ ඊට කළින් සතියේ.

 

DESHAYA