මේකප් එපා කීවේ අමුතු කතාවක් නිසාලු

  • 27-10-2019
  • Views 2194

2019-09-18-ent-403කලා නිර්මාණවලට දායක වෙලා වැඩ කරන ශිල්පීන් ශිල්පිනියන් හැමෝම ඉතින් මේකප් දානවනේ. අපි කියන්නේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන.අපේ එක්තරා ශිල්පියෙක් ඉන්නවා. මේකප් දාන්න වාඩිවෙනකොටම කියන්නේ අනේ මල්ලි මාව අඳුරගන්න පුළුවන් විදිහට මේකප් දාන්න කියලා.

එහෙම කියද්දි කවුරුත් හිනා වෙනවා මිසක්, එහෙම අහන්න හේතුව අහන්නෙ නැහැ.

ඔන්න දවසක් මේකප් ආටිස්ට් කෙනෙක් එයාගෙන් අහලා මොකද නිතරම එහෙම කියන්නෙ කියලා. මල්ලි ඒකට හේතුව තමයි මං අහලා තියෙන කතාවක්. තරුණ ගෑනු කෙනෙක් හෘද්‍යාබාධයක් හැදිලි ඉස්පිරිතාලෙට ගිහින් ගොඩක් අමාරු වෙලා. එලොව ගිහින් මෙලොව ඇවිත් තියෙන්නේ. මිනිත්තු ගාණක් හෘද ස්පන්දනය වැඩ කරලත් නෑ. ඔන්න ඔය වෙලාවේ මේ තරුණියට දෙවියන් මුණගැහිලා. කෙල්ල එකපාරටම අහලා අනේ දෙවියනේ මම මැරෙයිද කියලා. දෙවියො කියලා පිස්සුද ඔයා තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියලා. ඔන්න සනීප වෙලා ගෙදර ආවට පස්සේ මෙයා පළාතෙ තියෙන හොඳම සැලෝන් එකට ගිහින් ෆේෂල් කරගෙන, මේකප් දාගත්තලු. සැලෝන් එකෙන් එළියට ආපු ගමන් වෑන් එකකට හැප්පිලා තරුණිය මැරිලා. ඔන්න දැන් දෙවියො මුණගැසුණම මෙයා නොසෑහෙන්න දෙවියන්ට දොස් කිව්වලු බොරු කියලා එයාව රුවැට්ටුවට.තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියලා කිව්වට මට දවස් 40ක්වත් ජීවත් වෙන්න දුන්නෙ නැහැනේ* කෙල්ල කිව්වලු.

දෙයියො ඒකට ලස්සන උත්තරයක් දීලා.ඔයා තව අවුරුදු 40ක් ජීවත් වෙන කතාව බොරු නෙවෙයි. හැබැයි ඉතින් ඔයා ගිහින් කරගත්තු මේකප් එකෙන් පස්සෙ මටවත් බැරි වුණානෙ ඔයාව අඳුරගන්න. ඒකයි ඔයාට මැරෙන්න සිද්ධ වුණේ.

 

DESHAYA