රිපෝට් එකට කලින් මදුරුවා එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-30-ent-07අපේ ප්‍රවීණ කලා ශිල්පියකුගේ නෝනා මහත්තයට පසුගිය දවස් ටිකේ උණ හැදිලා.

උණ බහින්නෙ නැත්නම් තුන්වෙනි දවසේ ලේ පරීක්ෂණයක් කරන්න කියලා දොස්තර මහත්තයා කියලලු. දැන් ඉතින් ඩෙංගු උණත් තැන් තැන්වල පැතිරෙන නිසා තුන්වෙනි දවසේ පෞද්ගලික රෝහලට ගිහින් ලේ පරීක්ෂාවක් කළාලු. නෝනාට දැන් ඩෙංගුද නැද්ද කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නැහැල්ලු. ලේ ගන්න මිසීගෙනුත් අහනවලු ඩෙංගු ලුක් එකක් තියෙනවද කියලා. එයා කිව්වලු රිපෝට් එක ආවම බලාගන්න කියලා.

ඔන්න දැන් ඉස්පිරිතාලෙන් එළියට එන්න කළින් ලැබ් එකේ නෝනාට ගිහින් කියනවලු ඩෙංගුනම් එයාගේ ජංගම දුරකථනයට කෝල් එකක් දෙන්න කියලා.

මහත්තයාට ඉවසීමේ රතු කට්ට පැන්න පාර නෝනා ළඟට ගිහින් මෙහෙම කිව්වලු.

“මේ යමු යන්ඩ. ඔයාට ඩෙංගුනම් රිපෝට් එක එන්න කලින් ඔයාට විද්ද මදුරුවා ඇවිත් ඔයාට පණිවිඩේ දෙයි ‘මමයි විද්දේ’ කියලා.”

 

DESHAYA