වයිෆ්ලා දෙන්නෙක් ඉන්න බැරිද?

  • 02-11-2019
  • Views 1446

20191031Political1-1මේකත් පහුගිය දවසක ටෙලිනාට්‍ය දර්ශන තලයක ඇසුණ ලස්සන කතාවක්. එක්තරා කෙනෙක් මහ රෑ දොස්තරවරයෙකුට කතා කරලා කිව්වලු “මගේ නෝනට හරිම අමාරුයි. ඉවසන්න බැරි බඩේ කැක්කුමක් කියලා.දොස්තර කිව්වලු වහාම ඉස්පිරිතාලෙට එයාව අරං එන්න කියලා.

“මෙයාට තියෙන්නෙ ඇපෙන්ඩික්ස්. ඕක පොඩි ඔපරේෂන් එකකින් අයින් කරන්න පුළුවන්. පැය භාගයක්වත් යන්නෙ නැහැ ඒකට. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්,” ලෙඩා පරීක්ෂා කළ දොස්තර මහතා කිව්වලු.

සාර්ථක සැත්කමකින් පස්සෙ ලෙඩා රෝහලෙන් ගෙදර ගියාලු. ඔන්න හරියට අවුරුද්දකින් පස්සෙ මේ මනුස්සයම අර දොස්තරටම රෑ කතාකරලා අර වගේම කතාවක් කියනවලු.

“මගේ වයිෆ්ට හරිම අමාරුයි. බඩේ කැක්කුම ඉවසන්න බැහැ.” “හරි හරි... එයා මොනවද කෑවෙ?” දොස්තර ඇහුවලු.

“එහෙම ප්‍රශ්නයක් නැහැ දොස්තර මහත්තයෝ. මෙයාට තියෙන්නේ ඇපෙන්ඩික්ස්. ඔපරේෂන් එකට පැය භාගයක්වත් යන්නෙ නැහැනේ. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්නෙ...”දොස්තරට යකා නැග්ගලු.

“තමුසෙ මට මගේ ජොබ් එක උගන්වන්න එනවා. හොඳට මතක තියාගන්නවා ඕනෙම කෙනෙකුට තියෙන්නෙ එක ඇපෙන්ඩික්ස් එකක්. ඉතිං ඒ නිසා මේකට හේතුව ඇපෙන්ඩික්ස් නෙවෙයි...”
“දොස්තර මහත්තයෝ ඕනම කෙනෙකුට එක ඇපෙන්ඩික්ස් එකක් ගියොත් පුළුවන්... ඒක මම පිළිගන්නවා. ඒත් මිනිහෙකුට වයිෆ්ලා දෙන්නෙක් ඉන්න බැරිද?”