වරකාපොල හන්දියේ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-642අපේ කලා ශිල්පියෙක් ඔහුගේ මිත්‍රයකුගේ මවක් මුහුණ දුන්නු තවත් අපූරු අත්දැකීමක් අපිත් එක්ක බෙදාහදා ගත්තා.

මිත්‍රයා ඉන්නෙ මහනුවර. මිත්‍රයාගෙ අම්මා ඉන්නෙ කොළඹ. අම්මා නුවරට ගිහින් තියෙනවා දවස් කිහිපයක් පුතාගෙ ගෙදර නවතින්න. දැන් අම්මා ගෙදර යන දවසෙ පුතා අම්මව නුවර බස් ස්ටෑන්ඩ් එකට ගෙනවිත් කොළඹ ඒ.සී. බස් එකකට නග්ගලා කොන්දොස්තර මහතාට කිව්වලු අපේ අම්මට නින්ද යයි, වරකාපොලදී එයාට කතා කරන්න කියලා.

ඔන්න දැන් බස් එක කොළඹ බලා පිටත් වුණා. වරකාපොලත් පහු වුණා. කොන්දොස්තරට අමතක වුණා වරකාපොලදී ඒ අම්මට කතා කරන්න. දැන් රූවෙලා. අම්මටත් නින්ද ගිහින්.කොන්දොස්තරට මතක් වුණේ කිලෝමීටර් 10ක් 15ක් ගියාට පස්සෙ. රියැදුරු මහතාට කතාව කිව්වම එයා කියලා තියෙනවා බස් එකේ සේරටම නින්ද ගිහින් තියෙන නිසා අපි ආපහු හරවලා ගිහින් මේ අම්මව වරකාපොලින් බස්සමු කියලා. දැන් බස් එක ආපහු හරවලා වරකාපොලට ආවා. කොන්දොස්තර අර අම්මට කතා කළා.

අම්මෙ වරකාපොලට ආවා. බහින්න.

ඒත් අම්මා කළේ ඇගේ හෑන්ඩ් බෑග් එකට අත යවා බෙහෙත් පෙති දෙකක් අරන් වතුර ටිකක් බොන එක විතරයි. ඊටපස්සෙ සීට් එකේ හොඳට හරිබරි ගැහිලා නිදාගත්තලු.අම්මා වරකාපොල නෙවෙයිද බහින්නෙ? 

මම බහින්නෙ කිරිබත්ගොඩ. මට රෑ බෙහෙත බොන්න තිබුණෙ බස් එක වරකාපොලට එන වෙලාවට. ඒකයි පුතා මට වරකාපොලදී කතා කරන්න කිව්වෙ.

 

DESHAYA