ඔහු ජනප්‍රිය ශිල්පියෙක්. ඔහු විවාහකය. මිතුරන් බොහෝ දෙනෙක් සිටින හොඳ මිතුරකි. එහෙත් මිතුරන් සමඟ විනෝද වීමට ඔහුට ලැබෙන අවකාශ බොහෝමයක් සීමිතය.පිටරට සංචාරයකට ඔහු මෑතක ගිය අතර ඔහු ලංකාවට ආපහු එන දිනය හරියටම බිරිඳට කියා නැත.
ලංකාවට ආපු ගමන් කටුනායක ගුවන් තොටුපළින් ගොඩ බැස්සට පස්සේ ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනකු සමඟ නුවරඑළිය ට්‍රිප් එකක් යාමට ඔහු සියල්ල සූදානම් කර තිබුණා.නුවරඑළියෙන් කෙළින්ම ගෙදර යන්න හිතාගෙන හිටියේ කටුනායකින් එනවා වගේය. ඔහු කටුනායකින් ගොඩ බැස්සේය. යාළුවෝ දෙන්නත් වාහනේක ඇවිත් හිටියා හොඳ ෆන් එකක් ගන්න බලාගෙන.කටුනායකින් එළියට ආවාට පස්සෙ ඔහු වට්ස්ඇප් එකෙන් එයාගේ නෝනට කෝල් එකක් ගත්තා. “සුදූ මම දවස් තුනකින් ලංකාවට එනවා. ඔයා හොඳින් නේද? ඔහුට කියන්නට ලැබුණේ එපමණය. “අද අදිනවා - මහජන සම්පත කෝටි දෙකේ වාසනාව... කන් අඩි බිහිරි කරවමින් ලොතරැයි වෙළෙන්ඳෙක් එතනින් ගියාලු. “පිටරට මහජන සම්පත විකුණනවාද? සැක සිතුණු නෝනා ඇහුවලු.
“අයියෝ මූ වැඩේ කෑවානෙ. මම ඔයාට දැන් ගෙදරටම ඇවිත් සප්රයිස් එකක් දෙන්න හිටියේ සුදූ...යාළුවෝ දෙන්නා ඔවුනොවුන්ගේ ගෙවල්වලට ගිය අතර අපේ යාළුවා කෙළින්ම ගෙදර ගියාලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
