ඔසුපැන්වලට ලොල් වුණු අපි දන්න කලා ශිල්පියෙක් ඉන්නවා. එයාගෙ නමේ කොටසක් තියෙනවා අරවින්ද කියලා. කවුරුත් ආදරේට කියන්නෙ අරා කියලා. හැබැයි ටිකක් සප්පායම්වෙලා ඉන්න වෙලාවකනම් එයාව දැක්ක ගමන් කට්ටිය කියන්නෙ හලෝ අරා කියලා.
ඔන්න දවසක් මෙයා යාළුවො සෙට් එකක් එක්ක කතරගම ගිහින්. ඒ වගේ ශුද්ධ භූමියක සාමාන්‍යයෙන් කටේවත් තියන්නෙ නැති දේවල්, මෙයාටනම් එහෙදිත් අදාළ වෙනවා.
ඔන්න ඔය වගේ චාජ්වෙලා හිටිය වෙලාවක එයා යාළුවෙකුගෙන් අහනවලු මචං කවුරුහරි මට කතා කරනවද? මට ඇහෙනවා බං හලෝ අරා හලෝ අරා කියනවා.බැලින්නම් පෙරහරේ යන අය කියන හරෝ හරා තමයි මිනිහට අර විදිහට ඇහිලා තියෙන්නෙ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
