සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය කියලා තමයි විශේෂයෙන් 70 හා 80 දශකය බොහෝ අය විශ්වාස කරන්නෙ.
පිච්චර් පිස්සො බොහෝ දෙනෙක් බිහිවෙලා තියෙන්නෙත් ඒ යුගයෙලු. අද වෙනවිට බෙහෙතකටවත් ඒ වගේ පිච්චර් පිස්සො නම් හොයාගන්න බැහැ. පිස්සු වැටෙන තරම් පිච්චර් හොයා ගන්නත් බැහැ. පිස්සු වට්ටන්න පුළුවන් නළු නිළියෝ හොයා ගන්නත් බැහැ. මේ කතාවත් ඒ යුගයේ මාතර පැත්තෙ හිටපු පිච්චර් පිස්සෙක් ගැනයි.
අද වගේ නෙවෙයි ඒ කාලෙ සිංහල චිත්‍රපට බලන්න සෙනඟ පොරකකා ඇවිත් තියෙන්නෙ.දවසක් මේ කියන පිච්චර් පිස්සා අලුත් සිංහල චිත්‍රපටියක් බලන්න ගිහින් තියෙනවා.
මැනේජර් මහත්තයා දුර තියාම මෙයාව අඳුරගෙන කිව්වලු අද නම් බැහැ මහත්තයො අද හවුස්ෆුල් කියලා.මෙයා කිව්වලු: “කමක් නැහැ මැනේජර් මහත්තයො මට හවුස්ෆුල් එකක් හරි දෙන්න. මොකද හැමදාම ගැලරියෙ ඉඳන්නෙ බලන්නෙ. කියලා.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
