සිංහල සිනමා කර්මාන්තය ගැන අද බොහෝ දෙනා නොයෙක් විදිහට විවේචනය කරනවා. රජයෙන් මේ කර්මාන්තයට නිසි සහායක් ලැබෙන්නෙ නැහැලු. හොඳ චිත්‍රපට හැදෙන්නේ නැහැලු, ප්‍රේක්ෂක රසඥතාවයේ අවුලක් තියෙනවලු, සිනමාහල්වල පහසුකම් මදිලු.
ඒත් ඉඳලා හිටලා හොඳ චිත්‍රපටයක් මුදා හැරුනාම, ඒවා බලන්න සෙනඟ සිනමාහල් කරා ඇදී එනකොට අපට ආරංචි වෙනත් ප්‍රශ්නයක්. ඒ තමයි සිනමාහල්වල සිදුවන වංචා, දූෂණ. මෙය නතර නොකළහොත් චිත්‍රපට නිෂ්පාදනය කරන්න අපට ඉදිරියේ චිත්‍රපට නිෂ්පාදකවරු හොයා ගන්නට බැරි වේවී.
අදාළ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කොට අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරියේදී අපට සිංහල සිනමාවක් ගැන කතා කරන්නට දෙයක් ඉතුරු නොවේවී.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

