එක්තරා චිත්‍රපට රූගත කිරීමක් සඳහා වෑන් රථයකින් ශිල්පීන් කිහිප දෙනෙක් රැගෙන ගියාලු. පැය 8ක පමණ ගමනක් නිසා, උදේ ආහාරය හා දවල් ආහාරය සඳහා සඳහා ස්ථාන කිහිපයක වෑන් රථය නවත්වන්නට සිද්ධ වුණාලු. ඔන්න එක පාරටම වෑන් එකේ හිටිය තරමක් මැදිවියේ දෙන්නෙක් මොකක් හරි හේතුවකට හෙන කොක්කක්ලු. එන්න එන්නම වැඩේ දරුණුවෙලා දෙන්නම දැන් එකිනෙකාට බැණගන්නවලු. වෑන් එකේ ගිය කිසි කෙනෙකුට ඒ රණ්ඩුව නවත්නගන්න බැරි වුණාලු.
එකපාරටම රියැදුරු ගැහුවලු ඇඟ සීතල වෙන බ්‍රේක් පාරක්.ඔය දෙන්නම එකට කතා කරන එක නවත්තලා වැඩිමහල් කෙනා මුලින්ම පටන් ගන්න. ඊට පස්සෙ අනිත් කෙනා උත්තර දෙන්න,ඔහු කිව්වලු.
එහෙම කිව්වා විතරයි දෙන්නම එක පාරටම ඩිම්වෙලා ගොලුවො වගේ ගමන ගියාලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

