දුරකථන පාටියේ ලොකු තැනට මේ දවස්වල එයාගේ හිරේ ඉන්න මන්ත්‍රී ගැන දෙපැත්තෙන්ම එක එක යෝජනාලු. කට්ටියක් කියනවලු එයාව අයින් කරන්න කියලා. තව කට්ටියක් කියනවලු එයාට විනය ක්‍රියාමාර්ග ගන්න කියල. ඒත් ලොකු තැන ඒ දෙකම කරන්නේ නැතුව ඒ මන්තිරි තැන වෙනුවෙන් පෙනී ඉන්නලු යන්නේ.
හැබැයි ඒකට බහුතරයක් විරුද්ධලු. ගොඩක් අය කියන්නේ අඩුම ගාණේ ඒ ගැන කතා කරන්නවත් එපා කියලා. මොකද එයාලගේ සමහර සුළු පක්ෂ මන්ත්‍රී සගයො කොළේ වහලා පැනලා ගිය නිසා මෙයත් අනාගතේ එහෙම වෙයි කියලලු කියන්නේ. ඒත් ලොකු තැන කියන්නේ එයා මොනව කළත් මිනිහා අමාරැවෙ වැටුණු වෙලාවේ අපි ඉන්න ඕන කියල. ඒ නිසා දිගටම එයා වෙනුවෙන් ඉන්න එතුමා තීරණය කළාලු.

Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
