දමිළ සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජේ රඟන නවතම සිනමාපටය සර්කාර් තිරගත වූ මුල් දිනයේ ආදායම ලක්ෂ 232 ක් උපදවමින් විශාල වාර්තාවක් තබා ඇත. ඒ සිනමා ශාලා 82 කදීය.
ගජිනි, තුපාක්කි, අකිරා වැනි ජනකාන්ත චිත්‍රපට තැනූ ඒ. ආර්. මුරුගාදෝස් අධ්‍යක්ෂණය කළ සර්කාර් සිනමාපටය සරසවිය සම්මාන දිනූ ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණයකි. ප්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක , පුරහඳ කළුවර, ඉර මැදියම සිනමාපට සංස්කරණය කළේ ශ්‍රීකර්ය. ඒ. ආර්. රහ්මන්ගේ මියුරු සංගීතයෙන් ඔප් නැංවුණ සර්කාර් හි විජේ සමඟ කාර්ති, සුරේෂ්, වාරලක්ෂ්මි ඇතුළු පිරිස රංගනයෙන් දායක වේ.
Trending News
Events
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
නවසීලන්තයම නටවපු චකිතය
- 08-01-2026
