පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න

  • 21-04-2026


මැලේසියාවේ Travel  කරන්න ඔයාට දවසක ලැබුණොත් යන්න කියලා කියන්නම හිතෙන තැන් දෙකක් ගැන මගේ මතකයට එනවා.ඒ දෙවතාවක් මැලේසියාව පුරා ඇවිද්ද මගේ සංචාරක මතක පොතේ ලස්සනම පිටු ආයෙමත් පෙරළද්දී.
මැලේසියාවෙදී මම ඇවිද්ද ආසම තැනක් තමයි  Batu Caves Cultural Temple .
පඩි 272 ක් නැගගෙන තමයි ඒ ඉපැරැණි කෝවිලට යන්න තියෙන්නේ.


ඒ භූමියම ඇත්තටම අසිරිමත් පූජා භූමියක අසිරියෙන් ඉතිරෙන තැනක්.
ඒ භූමියට ඇතුළු වෙද්දි ම දකින්නට තියෙන්නෙ දිලිසෙන රන්වන් ප්‍රතිමාවක්.හින්දු කෝවිලක් වූ ඒ පුදබිම  වෙන්වෙන්නේ මුරුගන් දෙවියන්ට.

සොඳුරු වෙහෙසක් ලෙස සංචාරකයෙක්ට වරෙක පඩි 272ක් තරණය කිරීම දැනුණත් ඇත්තටම මැලේසියානු සංචාරයේදී එය අත් නොහල යුතු තැනක්.
මගේ හිත ගිය ඊළඟ ආසම තැන තමයි Sunway Lagon.Sunway Lagon සතුට රැඳී තියෙන්නෙම ආස්වාදනීය ජල අත්දැකීම් එක්ක..
උඩින් එල්ලා ඇති ව්ශාල ජලපිරවුම් බාල්දි පිරිලා වැක්කෙරෙද්දී ඒ ජලයෙන් නාන එක සංචාරකයන් අත්  විඳින සුන්දරම අත්දැකීමත් .
දවසක්ම නිදහසින් සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් තැනක් තමයි ඇත්තටම Sunway Lagon.

Kuala Lampur ,Langkawi, Malacca, Taman Negara ,මේ වගේ දර්ශනීය ස්ථාන රැසක වින්දනය සැබැවින්ම මැලේසියානු සංචාරයේදී අත්විඳින්න පුළුවන්....
ඇවිදීම කියන්නෙ ජීවිතයේ වෙනස්ම සුන්දර අත්දැකීමක්.....
ඉතින් තවත් එවන් සුන්දරම තැනක ආයෙමත් ඉක්මනින් දවසක ඇවිදින්න යමු......