කන්ද උඩරට ලස්සන චිත්‍රය මාරබැද්ද Gardens resort



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-902

අපි මේ පාර යන්න හිතුවේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් සීතල ප්‍රදේශයකට. බැලූ බැලූ අත කොළ පැහැයෙන් දිලිසෙන ගස් අස්සෙන් එහෙට මෙහෙට කැරකෙන සීතල සුළඟත් එක්ක අපි යන්නේ විශාල ගල් පර්වතයක් උඩ සාදා ඇති මාරබැද්ද Gardens resort එකට.

පරණ තේ වත්තක ඇති බංගලාවක් හැඩයට සාදා ඇති මේ හෝටලයේ භූමි ප්‍රමාණය අක්කර 12ක් පමණ වෙනවා. පාට පාටින් පිපෙන මල්වලට වඩා උද්‍යාන අලංකරණයේදී නිමැවුම්කරුවන් මුල් තැනක් දීලා තියෙන්නේ කොළ පාට ගහකොළට. ඒ වගේම හරිම ක්‍රමවත් පාරිසරික ක්‍රමවේදයන්ට මුල් තැනක් දෙමින් තමයි කුණු කසළ බැහැර කිරීමේ ක්‍රම සකස් කරලා තියෙන්නේ.

අනිත් කාරණය තමයි මාරබැද්ද Gardens resort සේවකයන් ගැන කතා කළොත් මෙම හෝටලයේ දැනට සේවකයන් 30 දෙනකු සේවය කරනවා. හරිම මිත්‍රශීලී සහ ඉක්මන් සේවාවක් තමයි තමන් ළඟට එන කවර තරාතිරමක වුණත් කෙනකුට ලබා දෙන්නේ. ආරක්ෂක නිලධාරීන්ගේ සිට ඉහළම පුටුව දක්වා හැම කෙනෙක්ගෙන්ම සුහදශීලී සේවාවක් ඔයාලට ලැබෙනවා. දැනට කාමර 19කින් සමන්විත මෙම හෝටලයේ pool එකක්, play ground එකක් සහ පළතුරු පිරිච්ච වත්තක් තිබෙනවා.

මේ හෝටලයට යන ඔයාලට යන්න ලේසිම විදිහ තමා නුවරට ඇවිල්ලා පදියපැලැල්ල හෝ රිකිල්ලගස්කඩ හන්දියෙන් දිවුල්කුඹුර පාරේ වමට හැරිලා 4kmක් විතර කන්ද උඩට එන එක.හෝටලය වට කරගෙන තියෙන්නේ නිල් පාට කඳු වළල්ලක්. හවසට ළඟ ඉන්නෙ කවුද කියලා අඳුරගන්න බැරි තරම් සාරෙට හවසට මීදුම ගලනවා. සොබාදහමට ආදරය කරන කෙනකුට ඒ පරිසරය ඇත්තටම මනරම් සිතුවමක් වගේ. හරිම නිස්කලංක සුවයකින් සොබාදහම විඳගන්න එය අපූරැතම නවාතැනක්. 

ඉතින් ඔයාලට නිවාඩුවක් හමුවුණොත් ගිහින් එන්න. ලබන සතියේ අපි තවත් සුන්දර තැනක් සොයාගෙන යමු.

 

විශේෂ ස්තූතිය

මාරබැද්ද Gardens resortහි සභාපතී - ටෝනි වර්ණකුලසූරියට සහ

මාරබැද්ද Gardens resortහි සම්බන්ධීකරණ නිලධාරී - නීල් රාමනායකට

 

  ► Text  /   Pic – Channa kassapa

 

2019-09-18-ent-897 2019-09-18-ent-898 2019-09-18-ent-899 2019-09-18-ent-900 2019-09-18-ent-901  2019-09-18-ent-903 2019-09-18-ent-904