ක්‍රිකට් පිස්සන්ටම විශේෂයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය නරඹන්න, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අක්මුල් දැනගන්න හැමෝටම තියෙන්නේ ලොකු උනන්දුවක්. මේ උනන්දුව තවතවත් වර්ධනය කරගන්න හොඳම තැනක් තමයි කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය කියන්නේ.

ලෝකය පුරාම පිහිටුවල තියෙන ක්‍රිකට් කෞතුකාගාර අතරින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම පිහිට වූ පළමු කෞතුකාගාරය වීම තමයි මේකෙ තියෙන ලොකුම විශේෂත්වය.

මේක පිහිටලා තියෙන්නේ කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යාබදවම නිසා මේක හොයාගන්න එච්චර අමාරුවකුත් නෑ.

 

මේ කෞතුකාගාරයේ බලන්න තියෙන් දේවල්

1975 වර්ෂයේ ශ්‍රී ලංකාව පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ අවස්ථාවේ ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලියැවිලා තියෙන බොහෝ දේවල් මෙම කෞතුකාගාරයෙන් නරඹන්න පුළුවන්. කෞතුකාගාරයේ තැන්පත් කරල තියෙන කුසලාන අතරට 1975 වර්ෂයටත් කලින් ශ්‍රී ලංකා කණ්ඩායම (එවකට සිලෝන් ක්‍රිකට් කණ්ඩායම) තරගාවලි වලදි ජයග්‍රහණය කරපු කුසලාන සියයකට ආසන්න ප්‍රමාණයක් තැන්පත් කරල තියෙනවා. ඒ අතර ඇති විශේෂම කුසලාන දෙකක් තමයි 1996 වර්ෂයේදී ජයග්‍රහණය කරපු එක්දින ලෝක කුසලානය හා 2014 පන්දුවාර 20 ලෝක කුසලාන යන කුසලාන දෙක. මේකෙ අති විශේෂත්වය නිසාම මේ සඳහා වෙනම ස්ථාන දෙකක කෞතුකාගාරයේ වෙන් කරලා තියෙනවා. පිරිමි අංශයට සීමා නොවී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබපු ජයග්‍රහණ මතකත් කෞතුකාගාරයේදී අපිට නරඹන්න පුළුවන්.

කෞතුකාගාරයක් වුණාට ශ්‍රී ලංකාවේ දැනට තියෙන අන්තර්ජාතික ක්‍රීඩාංගණ විස්තර ඇතුලත් පුවරුත් ප්‍රේක්ෂකයින්ට මේකෙදි බලා ගන්න පුළුවන්.

1982 පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සියලු නායකයන්ගේ විස්තරත් කෞතුකාගාරයේ පැත්තකදි ප්‍රේක්‍ෂකයන්ට මෙහිදී දැකගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් තියෙන %ක්‍රිකට් පිස්සන්ට^ අනිවාර්යයෙන්ම මේක තවත් නැවුම් අත්දැකීමක් වෙයි කියලා තමයි

 

ඕෂිත වරකපිටිය

 

2019-09-17-ent-1132 2019-09-17-ent-1133 2019-09-17-ent-1134 2019-09-17-ent-1135 2019-09-17-ent-1136 2019-09-17-ent-1137 2019-09-17-ent-1138 2019-09-17-ent-1139 2019-09-17-ent-1140 2019-09-17-ent-1141 2019-09-17-ent-1142 2019-09-17-ent-1143 2019-09-17-ent-1144 2019-09-17-ent-1145