මුහුද ගොඩ කරලා කොලඹ වරාය නගරය හැදෙන බව දෑන් කවුරුත් දන්නා දෙයක් , හැබැයි වරාය නගරයේ හැඩ නම් දැන්ම බලන්න හම්බ වෙන්නේ නෑ, ඒකට හේතුව වරාය නගරයේ වැඩ සම්පූර්ණයෙන්ම නිම වෙන්නේ 2040 දී පමණ වන නිසයි , 2040 හෝ 2041 දී විවුර්ත කෙරෙන වරාය නගරය මිහිපිට සුර පුරයක් කියලා කියන්න පුළුවනි.
මේ සුර පුරයේ විස්තර ගැන කිව්වොත්, විටෙක අදහා ගත නොහැකි තරම් , සුපිරි නිවාස , තරු හතේ හෝටල, සුපිරි සැණකෙලි උද්‍යාන, ලෝ ප්‍රකට වෙළද නාම රැගත් සාප්පු ,සුපිරි අවන්හල් ,සුපිරි පහසුකම් සහිත රෝහල් , කාර්යාල, මේ ආදී බොහෝ දේ මෙම වරාය නගරය ඇතුළේ දැකගන්න පුළුවනි.
වෙනම රටක් , වෙනම ලොවක් මෙන් වූ වරාය නගරයේ ඒ සුපිරි හැඩකාර බව දැක්වෙන සැලැස්ම තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. මේ සැලැස්ම වරාය නගරයේ අලෙවි පරිශ්‍රයේදී දැකගන්න පුළුවනි. අපගේ විශේෂ ස්තුතිය වරාය නගර ව්‍යාපෘතියේ මහජන සබදතා ප්‍රධානි කස්සප සෙනරත් මහතාට.
සටහන /ජායාරුප - සදුන් ගමගේ
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026















