කුරුණෑගල දඹුලු පාරේ කිලෝ මීටර් 2ක් යද්දී යග්ගපිටිය හමුවෙනවා. යග්ගපිටිය ගැන කියන්න විශේෂ හේතුවක් තමා සරුකෙත යනුවෙන් හැඳින්වෙන නිවීසැනසිල්ලේ කාලා, බීලා යන්න පුළුවන් අවන්හලක් හමුවීම. මැටියෙන් හදලා පොල් අතු සෙවිලි කරලා තියෙන මේ අපූරු නවාතැනේ එළවළු, පළතුරු සහ බෙහෙත් වර්ග හරි ලස්සනට වවලා තියෙනවා. දේශීය ආරෙට එළවළු එක්ක බත් කාලා යන්න කියාපු තැනක්. මස්, මාළු වුණත් උයලා තියෙන්නේ ගමේ විදිහටම.
දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයොත් අවුරුදු විස්සක් තිස්සේම කාලා, බීලා යන්න මෙතනට ගොඩවෙන්නේ වසක් විසක් නැතිව කාලා බීලා යන්න මේ තැන නියම තැනක් නිසා. අක්කර 4ක විතර භූමි ප්‍රමාණයක විහිදුණු මේ තැන නිර්මාණය කරලා තියෙන්නේ හුඟක් නිදහස් විදිහට. රසවත් කෑම, බීම වගේම මානසික නිදහසත් කෙනකුට කොච්චර අවශ්‍යද කියලා මේ නවාතැන කියන එක රහසක්.ඔයාලටත් විවේකයක් ලැබුණොත් ගිහින් එන්න සරුකෙතට. විශේෂ ස්තූතියසනත් පණ්ඩිතරන්ට සහ ඩේවිඩ් ජෙමිසන්,කළමනාකරු නලින් ඒකනායකට
► Pic & text - Channa kassapa
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026














