නිදහසේ දවසක් ගෙවන්න සිසිලියානා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2263

නිදහසේ හුස්මක් ගන්න පුළුවන් කියලා හිතුණා ඒ ගම්බද සිරියාව ඇස් අස්සේ තැවරෙන්න පටන්ගත්තම. බැලූ බැලූ අත කොළ පැහැයෙන් දිලිසෙන ගස් හැමතැනම. මෙදා සැරේ WALK 111 තුළින් අපි ඔයාලව එක්කන් යන්නේ නිදහසේ කාලා, බීලා, නාලා එන්න කියාපු තැනකට. මේ තැන තමයි සිසිලියානා Stone Resort එකට. සිසිලියානා Stone Resort හෝටලය තියෙන්නේ හොරණ ගෝනපොල. මේ හෝටලය මේ සුන්දර බිමේ ඉදි වුණේ අවුරුදු හතර හමාරකට කලින්.

මේ හෝටලය දේශීය සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන මේ හෝටලයේ ආහාර පාන ඉතා රසවත්. හෝටලයේ කළමණාකාරතුමා කියන විදිහට එයාලා දේශීය කෑම බීමවලට මුල්තැනක් දෙනවා. ඒ වගේම ආහාර සෑදීමේදී එයාලා භාවිතා කරන්නේ එයාලම වගා කරපු ආහාර වර්ග.

සිසිලියානා Stone Resort හෝටලයේ පිහිණුම් තටාක දෙකක් වගේම, ක්‍රීඩාංගණයක්, බැඩ්මින්ටන් පිටියක්, දරුවන්ට විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීමට විශාල අංගනයක් තියෙනවා. Photo shoots වලටද ගැලපෙන ඉතා ලස්සන පරිසරයක තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නේ. ඔයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ හෝටලයේ මිල ගණන් සාක්කුවට හරි පහසුයි. පැමිණෙන සෑම පාරිභෝගිකයකුටම සුහදශීලී සේවාවක් ලබාදෙන්නත් කාර්ය මණ්ඩලය හැමවිටම සූදානම්. විවාහ මංගල, උපන්දින සාද, ප්‍රියසාද මේ හැමදේකටම ඉඩ සිසිලියානා stone resortහි තියෙනවා. ස්වභාවික පරිසරයේ සුන්දරත්වය හිත පුරා විඳින ගමන් කාලා, බීලා, සතුටින් දවස ගෙවලා නැවතිලා ඉඳලා එන්න නියම තැනක් තමයි මේ.

විශේෂ ස්තූතිය - හිමිකරු පාලිත සපරමාදුට සහකළමනාකාර අධ්‍යක්ෂක අජන්ත ෆර්නෑන්ඩුට

 

  Text & Pic / Channa Kassapa

 

2019-12-18-ent-2264 2019-12-18-ent-2255 2019-12-18-ent-2256 2019-12-18-ent-2257 2019-12-18-ent-2258 2019-12-18-ent-2259 2019-12-18-ent-2260 2019-12-18-ent-2261 2019-12-18-ent-2262