හැම මොහොතකම වගේ මී දුම ගලන නුවරක තමා අපි ඉන්නේ. මන්දාරම් නුවර කියලා ඒ නුවරට නම වැටුණෙත් හැම මොහොතකම මන්දාරම් අඳුර දෝරෙ ගලන නිසා ද කියලත් හිතෙනවා. මන්දාරම් නුවරට සේන්දු වෙච්ච ඇසිල්ලේ අපි ගියේ කොළපතන ඇල්ල බලන්න. මන්දාරම් නුවර සහ පිදුරැතලාගල රක්ෂිතය මායිමේ තමා කොළපතන ඇල්ල පිහිටා තිබෙන්නේ.
මන්දාරම් නුවර කියන ගමේ ඉඳන් 3KM විතර අඩි පාරක් ගෙවාගෙන තමා කොළපතන ඇල්ල ළඟට කිට්ටු වෙන්න තියෙන්නේ. මන්දාරම් නුවර ගමේ මිනිස්සු බීමට, නෑමට වගේම වගාවෙන් පොළව අස්වද්දන්නත් වතුර ටික ලබාගන්නේ මේ දියඇල්ලෙන්. මේ දියඇල්ලට වතුර එක් කරන උල්පත් පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල.
මන්දාරම් නුවර කියන්නේ ලංකාවේ තියෙන වෙනස්ම දේශගුණික අත්දැකීම් ලබාගන්න පුළුවන් ගම්මානයක්. ඉතින් වෙනසකටත් එක්ක මන්දාරම් නුවර ගිහිල්ලා කොළපතන ඇල්ලත් බලාගෙනම එන්න.ලබන සතියෙත් අලුත්ම සංචාරක අත්දැකීම් විඳගන්න අපි කොහේහරි ගිහිල්ලා එමු.
► Text / Pic – Channa kassapa
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026











