මුහුද යට ලස්සන ලෝකය සොයා ගිය ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-642

මේ සති අන්තයේ අපි ගියේ අලුත්ම සංචාරක අත්දැකීමක් විඳගන්න. හරියටම තැන කියනවා නම් හික්කඩුව මුහුදු වෙරළට තමා ගියේ. ඩයිවින් කිව්වාම මුහුදත් එක්ක ඉන්න අයට ඒක අලුත් අත්දැකීමක් නෙවෙයි. ඩයිවින්වලදී කෙරෙන්නේ මුහුද යට තියෙන ලස්සන කොරල්පර, විසිතුරැ මාළු බලලා එන එක. උපරිමයෙන් යන්න පුළුවන් දුර තමා මීටර් 42ක් ගැඹුරට. 

එ්ත් අවශ්‍ය සුදුසුකම් නැත්තම් උපරිමය යන්න පුළුවන් දුර මීටර් 18 පමණි. පිහිනන්න බැරි කෙනෙකුටනම්   මීටර් 6-12 අතර දුර තමා ඩයිවින් කරන්න පුළුවන් වෙන්නේ. යන්න ඉස්සර පීනන්න බැරි කෙනකුට නම් පීනන්න පුහුණුවක් ලබා දෙනවා. කොහොමත් ඩයිවින් කරන්න යන කෙනෙක් එක්ක එයාලගේ පළපුරුදුකාරයෝ දෙන්නෙක් ලබා දෙනවා. ඒ නිසා මුහුද යට යන ගමන ඔයාලට බය නැතිව යන්න පුළුවන්. 

කොළඹින් ආපු පවුලක් තමා මුලින්ම දකුණු පළාතටම ඩයිවින් පුරුදු කරලා තියෙන්නේ. ඒ 1960 ගණන්වල එරර් තෝමස්, ප්‍රාකි තෝමස්, රංජිත් තෝමස් කියන සහෝදරයෝ තුන්දෙනා තමා ඒ ගුරුකමේ අයිතිකාරයෝ වෙන්නේ. හික්කඩුව මුහුද යට තියෙනවා 1847 සහ 1903 ගිලිච්ච නැව් දෙකක සුන්බුන්. ඒ නැව් මාළුවන්ගේ වාසස්ථාන වෙලා. ආර්.කේ. සෝමදාස ද සිල්වා කියන පළපුරුදු ඩයිවින්කරුවා මුහුද යටට ගිහිල්ලා මේ නැව් බලලා එනවා. 

ලංකාවේ ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ, හික්කඩුව, බෙන්තර, බේරුවල, ගාල්ල කියන ප්‍රදේශවල ඩයිවින් පාසල් 75ක් තියෙනවා. මාළු වර්ග කෝටි ගණන් මුහුද යට ඉන්න බව තමයි ඩයිවින් පුරුදුකාරයෝ අපට කිව්වේ. කනගාටුවෙන් කියන්න තියෙන දේ තමා මාළු අල්ලන්න ඩයිනමයිට් දැමීමෙන් මේ වෙද්දී ලස්සන වටිනා කොරල්පර විනාශ වීම අද හුඟාක් සිද්ධ වෙනවා කියන එක.ඉතින් ඔයාලත් නිවාඩුවක් ලැබුණ වෙලාවක හික්කඩුව මුහුදට ගිහින් ඩයිවින් කරලා එන්න.   

 

   ► Channa kassapa

 

2019-09-19-ent-643 2019-09-19-ent-635 2019-09-19-ent-636 2019-09-19-ent-637 2019-09-19-ent-638 2019-09-19-ent-639 2019-09-19-ent-640 2019-09-19-ent-641