ලංකාවට ආ තරු හතේ සිනමා මන්දිරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-12-18-ent-1045

  • වියදම ඇ.ඩොලර් මිලියන 6ක්
  • සිනමා ශාලා 9ක්

ලොව බොහොමයක් වූ දියුණු රටවල වත්මනෙහි සිනමා ශාලා ස්ථාපිත කර ඇත්තේ වෙන් වෙන් වශයෙන් වූ ස්ථානවල නොවේ. සුපිරි සාප්පු සංකීර්ණවලට යාබදව හෝ ඒවා ඇතුළේ වීම විශේෂත්වයකි. මෙලෙසින් නිමවා ඇති සිනමාශාලා, සුපිරි පහසුකම් වලින් සමන්විත තරු හතේ සේවා සැපයෙන සිනමා මන්දිර වේ. ශ්‍රී ලංකාවේ මෙලෙසින් සිනමාහල් කීපයක් මෑතක දී ස්ථාපිත වුවද මේ කියන්නට සූදානම් වන්නේ මේ දක්වා ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ අන්තර්ජාතික මට්ටමේ සිනමා සංකීර්ණයක් ගැනය. මෙය ස්ථාපිත කර ඇත්තේ නොබෝදා විවෘත වූ කොළඹ ෂැංග‍්‍රිලා තරු හෝටලයට අනුබද්ධ වන් ගෝල්ෆේස් සුපිරි සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ 6 වැනි පරිශ‍්‍ර කලාපයේය. මෙම සුපිරි ගොඩනැගිල්ල අයත් වන්නේ ලෝ ප‍්‍රකට ෂැංගි‍්‍රලා සමාගමටය. වන් ගෝල්ෆේස් සුපිරි ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය ෂැංග‍්‍රිලා ආයතනය සතු වුවද, මෙම නවීනතම සිනමාශාලා සංකීර්ණය අයත් වන්නේ අසල්වැසි ඉන්දියාවේ ඡුඪඍ සමාගමටය.

බොලිවුඞ් සිනමාව ගැන ඔබට අමුතුවෙන් කරුණු කාරණා කිවයුතු නොවේ. වත්මනෙහි හොලිවුඞ් සිනමාව අභිබවා මෙම බොලිවුඞ් සිනමාව ලොව ආක‍්‍රමණය කර ඇති වග සඳහන් කළ හැකිය. එනිසාම ඉන්දියාවේ බොහෝ නගරයන්හි සුපිරි සිනමා සංකීර්ණ ස්ථාපිත වූයේ මීට වසර ගණනාවකට පෙරදීය. එලෙසින් සිනමා සංකීර්ණ ස්ථාපිත කළ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස ඡුඪඍ සමාගම සඳහන් කළ හැකිය. දිල්ලි නගරයේ දී ඡුඪඍ සමාගම ස්ථාපිත වූවේ මීට විසි වසරකට පමණ පෙරදීය. ඒ ඔස්ටේ‍්‍රලියානු සමාගමක් හා එක්ව අත්වැල් බැඳගෙනය. ඉනික්බිතිව තනි සමාගමක් ලෙස වෙනස් ගමනක් ගිය මෙම ආයතනය ඉන්දියාවේ ඇති වඩාත් ලාභ උපයන සමාගමකි. ඒ සියලූ ලාභ උපයන්නේ මෙලෙසින් ඉදිකළ සුපිරි සිනමා සංකීර්ණ වෙතිනි. සමස්ත ඉන්දියාව පුරා ඔවුනගේ සිනමාශාලා සිය ගණනකට එහා ස්ථාපිතව ඇති අතර චිත‍්‍රපට පෙන්වීමේ ස්ථාන 800කට වඩා ඉන්දියාවේ පමණක් ඔවුන් සතුය. ඒවාට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ මෙම සිනමා සංකීර්ණයෙහි ඇති වෙනස කුමක් ද? මෙම සමාගමෙහි අලෙවි අධ්‍යක්ෂ (ජාත්‍යන්තර) සහ මෙරට ස්ථාපිත ඡුඪඍ සිනමාශාලා සමාගමේ අධ්‍යක්ෂ සහ නියමුවා වන රෙනෝද් පාලියර් සඳැල්ලට ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ මෙම සිනමා සංකීර්ණය ලොව නවීනතම තාක්ෂණය සහ පහසුකම් වලින් සමන්විත, අති සුඛෝපභෝගී සිනමාශාලා සංකීර්ණයක් ලෙස හඳුන්වන්න පුළුවනි. මෙනිසා ශ්‍රී ලාංකීය ජනතාවට අති සුපිරි සිනමා සංකීර්ණයක සිට උසස්ම රසාස්වාදයක් ලබාගත හැකියි. විශේෂයෙන්ම අපි සතුටු වන්නේ කොළඹ ප‍්‍රමුඛ ස්ථානයක ෂැංග‍්‍රිලා සතු ලොව සුපිරි සාප්පු සංකීර්ණ පද්ධතියකට අයත් ස්ථානයක මෙය ස්ථාපිත කරවීමට ලැබීම ගැනයි.

ඇමරිකානු ඩොලර් මිලියන 6ක් පමණ වැයකොට මෙරට තැනූ ඡුඪඍ සිනමා ශාලා පරිශ‍්‍රය ගැන එලෙසින් ඔහු කරුණු කී පසු අපි මෙම ස්ථානය පුරා ගොස් එහි ඇති දේ මොනවා ද කියා නැරඹීමු. මෙම සිනමාශාලා පරිශ‍්‍රය සතුව ඇති ශාලා ගණන 9 කි. ඒවා අති සුපිරි සහ සුපිරි වශයෙන් වර්ග කර තිබේ. අති සුපිරි ශාලාවක සිට (ශාලා දෙකකි* චිත‍්‍රපටය නැරඹීම වෙනුවෙන් ඊට අදාළ පැකේජය ලබාගත හැකිය. ඒ අනුව ඊළඟ දර්ශනය තෙක් විවේකීව ගත කිරීම සඳහා ස්ථානයක් ඇත. එහි සිට තමුන් කැමති පානයක, අහරක රස විඳ ගනිමින් නිදහසේ ගත කළ හැකිය. ළමුන් සඳහා වෙනම ශාලාවක් නිර්මාණය කර තිබේ.

ළමුනට චිත‍්‍රපටය නරඹන අතරේ ඕනෑ නම් ක‍්‍රීඩා කිරීමේ පහසුකම් ද එහි තිබේ. ළමුනගේ හැඩයට පැහැයට මනාපය පරිදි නිමවා ඇති එය කලාගාරයක් මෙනි.

සිනමා ඩිජිටල් තිර 9 ක් මෙහි ස්ථාපිත නිසා හොලිවුඞ්, බොලිවුඞ්, මෙන්ම සිංහල සහ දමිල චිත‍්‍රපට සහ ළමා චිත‍්‍රපට එකවර තිරගත කළ හැකිය. බොහෝ දෙනෙක් විශ්වාස කළේ මෙය ඉන්දියානු සමාගමකට අයත් නිසා බොලිවුඞ් සිනමාපට පමණක් තිරගත වේවි කියාය. නමුත් එසේ නොවන වග මෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී ටී‍්‍රෂා දුග්ගාල් ප‍්‍රකාශ කරන්නීය.

අපට වැදගත් වන්නෙ මිනිසුන්ගේ ඉල්ලීම්, ඔවුන්ගේ ප‍්‍රියතාවයන්, මේ දිනවල රෂ් සිංහල චිත‍්‍රපටය, ටර්මිනේටර් බටහිර චිත‍්‍රපටය වගේම හිංදි සහ ළමා චිත‍්‍රපට මෙහි තිරගත කෙරෙනවා. හිංදි චිත‍්‍රපට නැරඹීමේ දී ඒ සියලූ චිත‍්‍රපට ඉංග‍්‍රීසි උප සිරැුසි සමඟ නැරඹීමට සළස්වා තිබීම තවත් විශේෂත්වයක්.

ඇය තවදුරටත් කියා සිටින්නීය. මෙහිදී ආහාර පාන ලබා ගැනීම සඳහා වෙන්වූ අවන්හල පිහිටා ඇත්තේ සිනමාශාලා සංකීර්ණයට ඇතුළු වන ස්ථානයට නුදුරිනි. ශාලා පරිශ‍්‍රයට ඇතුළු වන ස්ථානය අතිශය මනරම් අයුරින් කාගේත් නෙත් සිත් පිනවන රටාවකින් නිමවා තිබේ. පොළවට අතුරා ඇති බිම් ටයිල් පවා ඉතා අලංකාර මෙන්ම ලොව උසස්ම නිමාවෙන් යුතු ඒවාය. ශාලා පරිශ‍්‍ර වෙතට ගමන් කරන ස්ථාන දෙපස ලෝ ප‍්‍රකට නළු නිළියන්ගේ රූප දැකගත හැකි අතර, ඒවා ඉතා වර්ණවත් ලෙස නිම කළ සිත්තම්ය.

චිත‍්‍රපටයක් යනු විටෙක අප සිහින ලෝකයකට කැන්දාගෙන යනු ලබන දෘෂ්‍ය පෙළහරකි. ඒ දෘශ්‍ය පෙළහර වඩාත් සුවපහසු පරිසරයක සිට නැරඹීම ලැබුණු අතිශය ආකර්ශනය තෝතැන්නක් ලෙස මෙම සිනමා සංකීර්ණය නම් කළ හැකිය. ඉතා සුපිරි වූ නිසාවෙන් මිල ගණන් (ප‍්‍රවේශ පත‍්‍ර) ඉහළ දැයි ඔබ විමතියෙන් පසුවනවා ඇති. අපි ඒ ගැනත් මෙහි ප‍්‍රධානීන්ගෙන් විමසීමු.

ඉතා සුපිරි සිනමා පරිශ‍්‍රයක් වුවද අපි ප‍්‍රවේශ පත‍්‍ර මිල ගණන් ඕනෑවට වඩා ඉහළ නංවා නැහැ. අපට ඕනෑ කරන්නේ පේ‍්‍රක්ෂකයාට ඔවුන් වැය කරන මුදලට වඩා සුපිරි වින්දනයක් ලබාදීමටයි.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

2019-12-18-ent-1050 2019-12-18-ent-1042 2019-12-18-ent-1043 2019-12-18-ent-1044  2019-12-18-ent-1046 2019-12-18-ent-1047 2019-12-18-ent-1048 2019-12-18-ent-1049