ලොව ලොකුම සංගීත භාණ්ඩය හදන චීන ගම්මානය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-273

සංගීතය විශ්ව භාෂාවකි. ඒ විශ්ව ආමන්ත‍්‍රණය රස ගැන්වෙන්නේ මිනිස් හඬින් පමණක්ම නොවේ. විවිධ සංගීත භාණ්ඩ වෙතින් නිෂ්පාදනය වන නාද සංකලන මුසුවෙනි. විවිධ නාදයන් උත්පාදනය වන අයුරින් සංගීත භාණ්ඩ නිපදවන ලෝකයේ අපූරු ගම්මානයක් වෙත අද අපි යමු.2019-09-19-ent-278

මෙම ගම්මානය පිහිටා ඇත්තේ චීනයේ ෂින්ජියැන්හි උයිගුර් ජාතිකයින් වෙසෙන ස්වයං පාලන කලාපයට අයත් කෂ්ගර් පළාතේය. ෂින්ජියාන් ස්වයං පාලන කලාපය ලෝකයට වඩාත් විවරව ඇත්තේ එහි පවතින සංස්කෘතිය, කලාව ආහාරපාන මෙන්ම ජන ජීවිතයෙහි ඇති නිර්මාණශීලිත්වය හේතුවෙනි. ඉපැරණි සංස්කෘතියකට හිමිකම් පාන මෙම කලාපයෙහි ඇති කාෂ්ගර් යනු ඉපැරණි සේද මාවතේ සුවිශේෂි නගරයකි.

මෙහි ඇති ජාතික කෞතුකාගාරය ස්ථාපිත වූයේ 2013 වසරේදීය. වර්ග මීටර 1027 ක පමණ විශාල භූමියක ඉදි වූ මෙම කෞතුකාගාරයෙහි ෂින්ජියාන් වැසියන් විසින් නිර්මාණය කරන ලද සුවිශේෂි සංගීත භාණ්ඩ රැුසක් ප‍්‍රදර්ශනය කෙරේ. තත් භාණ්ඩ නිර්මාණ, විවිධ බටනලා වර්ග මෙන්ම, සත්ව සම් ඇසුරින් නිර්මාණය කරගත් ඉතා තුනී සියුම් වාද්‍ය භාණ්ඩ මෙන්ම මෙම කලාපයට පමණක් සුවිශේෂි වූ වාද්‍ය භාණ්ඩ මෙහිදී දැකබලා ගත හැකිය. ඒ අතරින් රිවාප් සහ ඩුටාර් වතාවක ගිනස් ලෝක වාර්තාවකට ඉදිරිපත් වූ ඒවාය. එනම් ලොව අතින් සාදන ලද විශාලතම සංගීත භාණ්ඩ ද්විත්වය ලෙසය.

රිවාප්, දුත්තාර්, සාකාජ් යන සංගීත භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඔවුනට ඇත්තේ වෙසෙස් දක්ෂතාවයකි. රිවාප් පාත‍්‍ර හැඩයෙන් යුතුය. දුත්තාර් ඕවලාකාර හැඩයෙන් යුතු වන අතර සාකාජ් යනු දුනු නලාවකි. සතුනගේ, විශේෂයෙන්ම උරගයින්ගේ සම් යොදාගෙන තනා ඇති සංගීත භාණ්ඩ මෙහිදී හැර ලෝකයේ වෙනත් තැනකදී දැකගත නොහැකිය. එහි මිල ගණන් ද ඉතා ඉහළ බව සඳහන් කළ හැකිය.

විශේෂිත කාරණාව වන්නේ චීන රජය මධ්‍යම ආණ්ඩුව සමග එක් වී ෂින්ජියාන්හි මෙම කලාත්මක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් අත දිග හැර ආධාර සහ අනුබල දීමය. ඒ නිසා මෙම පළාතේ වෙසෙන කලාකරුවන්ගේ අත මිට සරුවීම පමණක් නොවී, ඔවුන් හට ප‍්‍රීතිමත් ජීවිත ගත කිරීමේ අවකාශය ලැබී ඇත.

සාම්ප‍්‍රදායික උයිගර් සංගීත භාණ්ඩ සැදීමට දක්ෂ ශිල්පීන් හට සංගීත භාණ්ඩ සෑදීමේදී සැළසුම, මිනුම් හෝ කිසිවක් අවැසි නොවේ. ඔවුන් ඒවා නිම කරන්නේ මනස උපයෝගී කර ගනිමිනි. මේවා නිපදවීමට බොහෝ විට යොදා ගනු ලබන්නේ මල්බෙරි ලී වේ.

මල්බෙරි ලී බඳ ගෙන එය අගනා නිමාවකට පතුරු ගසා මුලින්ම වයලීනය සතු බඳ මෙන් වූ ප‍්‍රධාන කොටස නිර්මාණය කර ගනී. ඉන්පසුව කොටස් එකිනෙකට සම්බන්ධ කරගෙන රවාප් සහ ඩුටාර් යන භාණ්ඩ සාදා නිමකරන අයුරු විටෙක විශ්මය දනවන්නකි. මෙම ගම්මානයේදී පියෙකු සහ පුතකු එක් වී සංගීත භාණ්ඩ සාදන අපූර්වත්වය අපට ඇස් පනාපිට දැකගත හැකි විය. ඔවුනගේ හැකියාවෙන් සියවසකට එහා ගිය පරපුර වෙතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර තබා ඇත්තේ උයිගුර් ජනයාගේ ආධ්‍යාත්මය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් යැයි සඳහන් කළ හැකිය. එමෙන්ම මහා චීන රාජ්‍යයේ මෙලෙසින් ජන වර්ගයකට අයත් ඔවුන් අතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ රැුසක් ප‍්‍රදර්ශනයට තබා ඇති එකම කෞතුකාගාරය මෙය වීම ද විශේෂත්වයකි.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

2019-09-19-ent-272  2019-09-19-ent-274 2019-09-19-ent-276 2019-09-19-ent-277  2019-09-19-ent-279 2019-09-19-ent-280 2019-09-19-ent-281 2019-09-19-ent-282 2019-09-19-ent-283 2019-09-19-ent-284 2019-09-19-ent-285