ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්

  • 19-11-2025
  • Views 39


කසාදයෙන් පස්සේ කැනඩාවට යයි කියලා හිතුවට, පහුගිය අගෝස්තුව විතර වෙද්දී පදිංචියටම කැනඩාවට යනවා කිව්වට ශලනි තාරකා තාමත් ලංකාවේ. 


 වීදුරු තිර ටෙලිනාට්‍යයත් එක්ක මේ දවස්වල හුඟක්ම ජනප්‍රිය ශලනි එයාගේ November Fifty brand එකට පස්සෙ තවත් අලුත්ම brand එකක් launch කළා . Party frock වගේම එක එක විදිහෙ fashion designs එක්ක launch වෙච්ච ඒ brand එකේ නම තමයි මාබල් මියුස්. ඒ ඔක්කොම වැඩ අස්සේ ඊයේ පෙරේදා අලුත්ම චිත්‍රපටයකත් වැඩ ඉවර කරපු ශලනි  ලස්සනම photo shoot එකක්    කරලා තිබුණා එයාගේ උපන්දිනයට...උපන්දිනය  වෙනුවෙන් එක එක විදිහේ photo shoot  කරන එක දැන් ලංකාවේ හුඟක් නළු නිළියන්ගේ fashion  එකක් වෙලා....හැබැයි පහුගිය කාලේ කරපු photo shoot  වලින් ලස්සනම  photo shoot  එක කරලා තිබුණේ ශලනි......එක එක්කෙනාට එක එක විදියට හිතෙනවා ඇති...ඒත් පහුගිය කාලෙ කරපු හැම photo shoot එකක් දිහාම බැලුවම  අපිට නම් හිතුණෙ  ලස්සනම රෝස පාට කුමාරියක් වගේ දිලිසෙන්න ඇඳලා වෙනස්ම photo shoot එක කළේ ශලනි කියලා..