වැරදිකරුවන් පිටමං කළ පිටවල පතන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිය සතියේ අපි ඔබට රිවස්ටන් හෙවත් බටඅඩුව කන්ද ගැන කිව්වා. ඊටපස්සේ අපි තව කිලෝමීටර් හතක් පමණ දුර ගෙවලා විනාඩි 20කින් වගේ පිටවල පතනට ගියා. අද ඔබට කියන්නේ පිටවල පතන සහ පුංචි ලෝකාන්තය ගැනයි. අද මේ කියන පිටවල පතන අයිති වෙන්නේ වියලි කලාපයට. මේ ප‍්‍රදේශයේ පැති දෙකේ දේශගුණ තත්ත්වයන් දෙකක් තියෙන්නේ. ඔබ වාහනය නතර කරන තැන ඉඳන් මීටර් 700ක් පමණ පුංචි ලෝකාන්තය නරඹන්න යන්න  ඕන. ඒ ගැන කියන්න කලින් පිටවල පතන ගැන කියලා ඉන්නම්.

2020-04-05-ent-01 (5)මේ පිටවල පතන බොහෝ ප‍්‍රදේශයක් පුරා පැතිරී තියෙන අතර වැඩිපුර මේ ප‍්‍රදේශය පුරා පැතිරී තියෙන්නේ තෘණ වර්ගයේ ශාකයි. මේ පිටවල කියන නම හැදිලා තියෙන විදිහ ගැන කතාවකුත් තියෙනවා. එයත් ඔබට කියලම ඉන්නම්කෝ. අතීතයේ රජකම් කළ රජවරුන් වැරදිකරුවන් මේ ප‍්‍රදේශයට පිටුවහල් කළ නිසා මේ නමින් හැඳින්වෙනවා කියලා මතයක් තියෙනවා. මෙතැන වටේටම පෙනෙන්නේ මීදුමෙන් වැහිලා තියෙන කඳු සහ කොළම කොළ පාට ගස් වර්ග පමණයි. මේ ප‍්‍රදේශයේ පුරා හීන් බෝවිටියා, ගඳපාන, කරඹ වගේ ශාක තැනින් තැන දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි පිටවල ගැන කතාකරද්දී රළු ගල්පර මැඩියා ගැන කතා නොකරම බැහැ. මේ ප‍්‍රදේශයට පමණක් ආවේණික මේ ගල්පර මැඩියාගේ ජීවන් චක‍්‍රයට බාධා වන නිසා පුංචි ලෝකාන්තය රළුවට යද්දී සලකුණු කරලා තියෙන මංපෙත් විතරක් භාවිත කරන්න කියලා වන සංරක්ෂණ නිලධාරීන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයටම ආවේණික වුණු මාංශ භක්ෂක ශාක විශේෂ කිහිපයක් ගැනත් මෙහිදී සඳහන් නොකරම බැහැ. මොකද ඒවා මේ ප‍්‍රදේශයේදී විතරයි අපිට දැක බලාගන්න ලැබෙන්නේ. රිවර්ස්ටන් ඇතුළු දුම්බර ප‍්‍රදේශයටම ආවේණික ඒ ශාක වන්නේ කඳුලැස්ස, නිල් මොණරැස්ස සහ වටැස්ස යන ශාඛ විශේෂයන්.

පිටවල පතනට යන ඔබට තෙල්ගමු ඔයත් දැකබලා ගන්න විතරක් නෙවෙයි ගතේ තියෙන විඩාව දුරු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. මේ පිටවල පතන ආශ‍්‍රිතව ඉතාම කුඩා පඳුරු සහිත ශාක විතරයි වැවෙන්නේ. එය තමයි මේ ප‍්‍රදේශයේ තියෙන විශේෂත්වය. අනිත් කාරණය තමයි මේ ප‍්‍රදේශයට යන ඔබ දඩමස් හොයමින් යන හේතුව නිසාම මේ වෙනකොට මේ ප‍්‍රදේශයේ ජීවත්වෙන ගොන්නු, වැලි මුවන් වැනි සතුන් ඉතා අවම ප‍්‍රමාණයක් මේ වෙද්දී ජීවත්වන්නේ. ඒ නිසා ඔබට මට වගේම ගහ කොළ සතා සිව්පාවටත් ජීවත්වෙන්න අයිතියක් තියෙන නිසා වන සතෙක්ගේ මස් හොයන්න කලින් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ගැනත් හිතන්න කියන එක මතක් කරනවා. නිකම් හිතලා බලන්න මේ ප්‍රදේශයේ ගෝන්නු වැලි මුවෝ හිටියා නම් අපිට අපේ දරුවන්ට පෙන්නන්න කොච්චර සුන්දර වෙයිද? 

මෙන්න මේ පිටවල පතනේ මීටර් 700ක් විතර ගියාට පස්සේ ඔබට පුංචි ලෝකාන්තය දැකබලා ගන්න පුළුවන්. මෙතෙන්ට ආවම ඔබට ඔබගේ හිතට මහා සහනයක් දැනෙනු නොඅනුමානයි. ඇඟේ හීගඩු නංවමින් සීතල සුළං රැළි හමාගෙන යද්දී මෙතනට ඇහෙන්නේ වනසතුන්ගේ හඬවල් පමණයි.

කුරුලු සංගීතය විඳින ගමන් ඡායාරූප ගන්නත් ඔබ අමතක කරන්නෙ නැහැනේ. නමුත් ඡායාරූප ලබා ගැනීමේදී ඔබ ප‍රිස්සමෙන් එය කරන්න. මොකද මේ පුංචි ලෝකාන්තය තියෙන ස්ථානයෙන් පහළට වැටුණොත් ඔබ සමඟ යන අයත් විඳින්න ඕන චාරිකාවක් ගිහින් අන්තිමට ශෝකජනක තත්ත්වයකටනේ පත්වෙන්නේ. ඒ වගේම තමයි මේ ප‍්‍රදේශයේ තියෙන ශාකවර්ග කඩාගෙන යන්න එපා. එහෙම කරලා අහුවුණොත් සිර දඬුවමක් හෝ දඩ මුදලක් පවා ඔබට ගෙවන්න සිදුවේවී. අනිත් කාරණය තමයි පිටවල පතනට සහ පුංචි ලෝකාන්තය නරඹන්න යන ඔබට එතන ඉන්න වන ව්‍යාප්ති නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඔහේ ගිහින් ඔහේ එනවා විතරයි අපි නම් දැක්කේ. ඔවුන් එක්ක කතාබහ කළානම් ඔබට ඒ පරිසරයේ තියෙන අපි මේ කියලා තියෙන ශාකවර්ග පවා ඔබට දැකබලා ගන්න පුළුවන් පියවි ඇසින්. අනිත් එක තමයි මේ ඉහළ ජල පෝෂක කලාපය නිසා ඔබින ගෙනයන සියල්ලෝම කැළි කසල මේ ප‍්‍රදේශයට බැහැර නොකර ඔබම ආපහු රැගෙන යන්න. මේ පරිසරය මතු පරම්පරාවට උරුම දායාදයක් නිසා එය රැකගැනීමට ඔබත් දායකවෙන්න කියන එක ඔබට මතක් කරනවා.

 

  ► Text- chandana / Pic – Channa kassapa

 

2020-04-05-ent-01 (1) 2020-04-05-ent-01 (2) 2020-04-05-ent-01 (3) 2020-04-05-ent-01 (4)  2020-04-05-ent-01 (6) 2020-04-05-ent-01 (7) 2020-04-05-ent-01 (8) 2020-04-05-ent-01 (9) 2020-04-05-ent-01 (10) 2020-04-05-ent-01 (11) 2020-04-05-ent-01 (12)