සීලෝන් රොබින් හුඩ් සොයා ගිය ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-872

වෙනස්ම විදිහේ ගම්මානයකට තමයි Walk 111 අපි ගියේ. මාවනැල්ලේ පිහිටා ඇති ඒ ගම්මානය නම් කරලා තියෙන්නේ අතීතයේ හිටපු එක්තරා වීරවරයකුගේ නමින්. හිතුවක්කාර දඩබ්බරයකු විදිහට හංවඩුගැහිච්ච මේ වීරයාගේ නම සරදියෙල්.

උතුවන්කන්දේ සරදියල් කිව්වොත් ඇත්තටම නොදන්න කෙනෙක් නැති තරම්. පපුව කැකෑරෙන වේදනාවකින් දුප්පතුන් වෙනුවෙන් නැගී හිටපු සරදියල් සිලෝන් රොබින් හුඩ් සිලෝන් කියන විරුදාවලියක් පසුකාලෙක ලබාගන්නවා. පුංචි කාලේ නොකළ වරදකට ධනපතීන්ගෙන් දඬුවම් වින්ද සරදියල් කියන්නේ ඉතාමත් විනයක් තිබ්බ හොඳ දරුවෙක්. එහෙත් ධනපතීන්ට එරෙහිව සරදියල්ගේ සටන පටන්ගත්තේ ඔහුට සිදුවෙච්ච සමාජ අසාධාරණය හින්දා.

ධනවතුන්ගේ දේවල් කොල්ල කාගෙන සරදියල් දුප්පතුන්ට බෙදා දුන්නා. එහෙත් අවසානයේදී අධිරාජ්‍යවාදීන්ගේ එල්ලුම්ගහට නියම වුණ සරදියල්ගේ ජීවිත කතාන්දරය ගැන තමා මේ ගම්මානය අපිට කියන්නේ.මේ ගම්මානය නිර්මාණය කිරීමේ අයිතිය තිබෙන්නේ හිටපු විශේෂඥ වෛද්‍ය ආරියසේන යූගමගේටයි. සරදියෙල් ගම්මානය බලන්න එන අයට ගමේ රහට කන්න බොන්න තැනක් වගේම කඳු මුදුනේ විවේකයෙන් නැවතිලා ඉඳලා යන්න පහසුකම් වුණත් තියෙනවා. හරිම සාධාරණ ගණන්වලට නවතින්න කාමර, බුෆේ, නාන තටාකයක් මෙහි තියෙනවා. වෙනස්ම අත්දැකීමක් විඳින් ගමන් කාලා බීලා ඇවිදලා යන්න කියාපු තැනක් තමා ඔන්න අපි ඔයාලට කිව්වේ.

විශේෂ ස්තූතිය චන්ද්‍රා කුමාරී අතාවුද‍ට සහචන්දන සෙනෙවිරත්නට  

 

► Pic & text - Channa kassapa

 

2019-09-19-ent-861 2019-09-19-ent-862 2019-09-19-ent-863 2019-09-19-ent-864 2019-09-19-ent-865 2019-09-19-ent-866 2019-09-19-ent-867 2019-09-19-ent-868 2019-09-19-ent-869 2019-09-19-ent-870 2019-09-19-ent-871  2019-09-19-ent-873 2019-09-19-ent-874 2019-09-19-ent-875