සේද මාවතේ ඉපැරැුණි නගරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-312

සියවස් ගණනකට පෙරදී ආසියාව හා යුරෝපය යා කළ සේද මාවත ඔස්සේ විකාශය වූ නගර අතර චීනයේ ෂින්ජියාන්හි පෞරාණික කාෂ්ගර් නගරයට හිමි වූයේ ප‍්‍රමුඛස්ථානයකි. එදා ඉපැරණි සේද මාවතේ ගමන් කරද්දී ජනතාව රොද බැඳි නගරය වූයේ මෙම කාෂ්ගර් නගරයයි. වත්මනෙහි එය සංචාරක පරාදීසයකි. චීනයේ මුස්ලිම්වරුන් වෙසෙන ෂින්ජියාන් ස්වායන්තයේ වැඩි වශයෙන් වෙසෙන්නේ ඹහටයමරි ජාතිකයින්ය. කාෂ්ගර් යනු සැබැවින්ම කලාත්මක නගරයකි. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයෙන් නිර්මාණය වී ඇත.

ශීත ඍතුවේදී මෙම කාෂ්ගර් නගරය ගුවනට දර්ශනය වන්නේ සුදු හිම පලසක් ලෙසිනි. එය සැබැවින්ම චමත්කාරජනක දසුනකි. එහෙත් ගුවනින් පෙනෙන දර්ශනයට වඩා පොළෝතලයේ ඇති කාෂ්ගර් යනු සංචාරකයින් හට සංචාරයෙහි නිරත වීම සඳහා වන සුන්දරම ස්ථානයකි.

වත්මනෙහි මෙහි නවීන ගොඩනැගිලි ඉදිවී තිබේ. ඒ නවීනත්වය අතරේ ඉපැරණි රසය ලබා දෙන ස්ථානයක් දැකගත හැකිය. ඒ පැරණි නගරයයි. එය පෞරාණික හැඩය ගත් බලකොටුවක් වැනිය. එහි වෙසෙන්නේ මෙම කාෂ්ගර් පළාතේ සම්ප‍්‍රදායික සහ සංස්කෘතිය එදා සිට රැුකගෙන ජීවත්වන මිනිසුන්ය.

මෙම පෞරාණික කාෂ්ගර් නගරය අප අතීතයට කැඳවාගෙන ගොස් අතීත රසයෙහි මිහිර ලබා දෙයි. ආහාරපාන, සිරිත් විරිත්, ඇඳුම් පැළදුම් සහ කලා නිර්මාණවල පහස ලැබීමට මෙන්ම ඒවා සිතුසේ මිලදී ගැනීමට පුළුවන. ඔවුනට ආවේනික වූ කුළුබඩු වර්ග යනු එදා සේද මාවතේ වෙළඳාමෙහිදී පවා විකිණීමට තිබූ ඒවාය. ධාන්‍ය ආහාර වර්ග ද එලෙසින්මය. මෙහි වෙසෙන මිනිසුන් ඇඳුමින් පැළඳුමින් හැඩවී සිටින්නේ එදා අතීතයේ හැඩය, පැහැය අනුවය. තද ශීත කාලයේදී ඔවුන් පළඳින්නේ ඔවුනටම ආවේනික හිස් වැසුම්ය. කබා සහ ලෝගු පවා ඔවුනට ආවේනිකව නිර්මාණය කරගත් ඒවාය. මෙතැනට පැමිණෙන සංචාරකයින් හට කාෂ්ගර්හි සම්ප‍්‍රදායික නැටුම්, ගැයුම්වල මිහිර විඳගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම පුරාණ නගරයේ සිට අද කාෂ්ගර් ලබා ඇති දියුණුව සසදා බැලිය හැකිය. ඉපැරණි සමයේ කාෂ්ගර්හි තිබූ නිවාස අද මෙන් නොවීය. වර්ෂාව පවතින සමයේදී කාෂ්ගර් වැසියන් හට ගත කිරීමට සිදුවූයේ අතිශය දුෂ්ක පිවිතයකි. නමුත් චීන මහා ආණ්ඩුව මධ්‍යම රජය හා එක්වී මෙහි විශාල සංවර්ධනයක් ඇතිකර තිබේ. අද කාෂ්ගර් වෙත පැමිණෙන සංචාරකයින් හට එදා පුරාණ විස්තර සියල්ල ගැන දැක බලාගැනීමට සහ අවබෝධය ලබා ගැනීමට ස්ථානයක් ද මෙහි තිබේ. එදා කාෂ්ගර් පැවැති ආකාරය ගැන වීඞීයෝ දසුන් සහ ඡුායාරූප මගින් නරඹා දැනගත හැකිය. චීනයේ මහා ජාතිය වන හන් ජාතිකයින්ගේ පෙනුමට වඩා මෙම උයිගුරු ජාතිකයින්ගේ පෙනුම තරමක් වෙනස්ය.

කාෂ්ගර් නගරය යනු ගොඩනැගිලිවලින් පමණක් ඇහිරී ගිය නගරයක් නොවේ. නගර සැලසුම ඉතා අලංකාරය. මෙම ඉපැරණි නගරයේ සිට ඉපැරණි රසය විඳගත හැකි අතර කාෂ්ගර් නවීන පරිසරයේ සිට එහි ආස්වාදය ලබාගත හැකිය. සංගීත භාණ්ඩ නිර්මාණය සඳහා ද කාෂ්ගර් වඩා ප‍්‍රකටය. සංචාරකයන්හට කාෂ්ගර් වැසියන්ගෙන් ලැබෙන්නේ ද ඉතා උණුසුම් සහ වඩාත් මිත‍්‍රශීලි පිළිගැනීමකි. ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින් අතර කාෂ්ගර් ප‍්‍රියමනාප තෝතැන්නක් වී තිබෙන්නේ එනිසාම යැයි කිව හැකිය.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

2019-09-17-ent-303 2019-09-17-ent-304 2019-09-17-ent-305 2019-09-17-ent-306 2019-09-17-ent-307 2019-09-17-ent-308 2019-09-17-ent-309 2019-09-17-ent-310 2019-09-17-ent-311