'කොටිහඬ' ගුවන්විදුලිය පවත්වාගෙන ගිය පාෂාණ පබ්බත විහාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-3005

'පාෂාණ පබ්බත විහාරය' යනු ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වන විහාර භූමියකි. එමෙන්ම එල්.ටී.ටී.ඊ. යුද සමයේදී මෙම විහාරය කොටි ත්‍රස්ථයන්ගේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියක් ලෙසද පැවතිණි. මේ වනවිට පාෂාණ පබ්බත විහාරය නැවතත් ප්‍රතිසංස්කරණය වෙමින් බෞද්ධයාගේ වැඳුම්පිදුම් කටයුතු සඳහා විවෘතව පවති. එමනිසා මෙම විහාරය සොයා පසුගියදා අප එහි ගියෙමු.2019-12-18-ent-3007

නැගෙනහිර පළාතේ කල්ලඩි ප්‍රදේශයේ පිහිටා තිබෙන පාෂාණ පබ්බත විහාරය කොටි ත්‍රස්තයන්ගේ නිජබිමක්ව වනතුරුම පැවතිණි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිය නිවේදනයන්, ප්‍රවෘත්තීන් පල කරගැනීම සඳහා බිහි කළ 'කොටිහඬ' ගුවන්විදුලිය පවත්වාගෙන ගොස් තිබෙන්නේ මෙම පාෂාණ පබ්බත විහාර භූමිය තුළය. එකළ මෙම පූජා භූමියෙහි කන්ටේනර් පෙට්ටියක් තුළ ඉදි කර තිබූ මැදිරියක් තුළ කොටිහඬ ගුවන්විදුලිය පවත්වාගෙන ගොස් තිබිණ. එකල මෙම ගුවන්විදුලිය පවත්වාගෙන යාමට ත්‍රස්තවාදීන් භාවිතා කළ සම්ප්‍රේෂණ කුළුණ, කන්ටේනර් පෙට්ටිය අදටත් මෙම විහාරයට යන ඕනෑම අයෙකුට දැක බලාගැනීමට හැක.

වර්තමානයේදී මෙම විහාරයේ වැඩ වාසය කරනු ලබන්නේ වෛද්‍ය රත්නපුර දේවානන්ද ස්වාමීන් වහන්සේය. දොළොස් වසරක් පුරාවට තනිව වැඩ වාසය කරන උන්වහන්සේ මෙම විහාරය ගොඩනගා නැගීමට මහත් වූ වෙහෙසක් දරයි. කොටිහඬ ගුවන්විදුලියෙහි වැඩ කටයුතු සිදු කෙරුණු කන්ටේනර් පෙට්ටිය තුළම සිය සංඝාවාසය නිර්මාණය කරගත් දේවානන්ද ස්වාමීන් වහන්සේ අන්තවාදීන්ගේ ක්‍රියාවන්ට නොබියව මුහුණ දෙමින් විහාර භූමිය ආරක්ෂා කරයි.

මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳව විවිධ විවිධ කතාවන් ජනයා අතර ඇති නමුත් මේ වනවිට මෙම විහාර භූමියෙන් සෙල්ලිප හයකට ආසන්න ප්‍රමාණයක් හමුව තිබේ. පලමුවන සියවසේ මහා ඨෘථික මහා නාග රජු විසින් තනවා සඟසතු කල බවට සෙල්ලපි නටඹුන් රැසක් තිබෙන මෙම විහාර භූමියේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මුල්වරට වැඩසිටි බවටද පැවසේ.

එමෙන්ම කොරවක්ගලක් සහ ඉපැරණි දාගැබක නටඹුන් තවමත් විහාරස්ථානයේ දක්නට ලැබේ. ත්‍රිකුණාමල සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින්, වන්දනාකරුවන් පාෂාණ පබ්බත විහාරයට පැමිණ වන්දනාමාන කිරීමටද අමතක නොකරන බව එහි ගිය අපට පැහැදිලිව දක්නට ලැබුණු දෙයකි.

ත්‍රස්වාදීන් විසින් අල්ලාගෙන තිබූ මෙම භූමිය මේ වනවිට නැවතත් දේවාන්නද කිත්ති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය වෙමින් පවති. අභිනවයෙන් ඉදි කෙරුණ බෝධි ප්‍රාකාරයේ වැඩ කටයුතු නිමවෙමින් පවතින අතර එය බෞද්ධයන්ගේ වන්දනාමාන සඳහා විවෘත කළ පසු නව චෛත්‍යය සඳහා මුල්ගල් තැබීමට කටයුතු යොදා තිබෙන බව විහාරාධිපති දේවානන්ද හිමියන් පවසයි.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

2019-12-18-ent-3001 2019-12-18-ent-3002 2019-12-18-ent-3003 2019-12-18-ent-3004  2019-12-18-ent-3006  2019-12-18-ent-3008 2019-12-18-ent-3009 2019-12-18-ent-3010 2019-12-18-ent-3011 2019-12-18-ent-3012 2019-12-18-ent-3013 2019-12-18-ent-3014