වැල් පාලමෙන් එගොඩ හිරි වැටෙන සීතලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-03-17-ent-90

කොළඹ ඉඳලා මතලේ ප‍්‍රදේශයේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලටයි අද මේ මාතලේ ප‍්‍රදේශයේ සංචාරය කරන්න තියෙන ප‍්‍රදේශ ගැන කියන්න හදන්නේ. නකල්ස් රක්ෂිතය පිහිටලා තියෙන මාතලේ දිස්ත‍්‍රික්කයේ සුන්දරත්වය විඳින්න යන පරිසර හිතකාමී ඔබ කොළඹින් ගමන් ආරම්භ කළොත් රිවර්ස්ටන් දුර්ගය තරණය කරන්න යන ඔබට මුලින්ම කොළඹ ඉඳන් කිලෝමීටර් 165ක් පමණ පැය තුන හමාරක් - පැය හතරක්  මඟ ගෙවාගෙන මාතලේ, ලග්ගල මාර්ගයේ ගියාම මහ පාරේ ඉඳන් මීටර් 300ක් විතර ඇතුළට ගියාම මේ සුන්දර දිය ඇල්ල නරඹන්න පුළුවන්කම තියෙනවා. 

මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ රත්තොට ප‍්‍රාදේශීය සභාවට අයිති බල ප‍්‍රදේශයේ. සීතල දිය දහරක සුන්දරත්වය විඳින්න ඔබට බඹර කිරිඇල්ලට ගියාම පුළුවන්කම ලැබෙනවා. ඒත් එක දෙයක් කියන්නම ඕන. මේ ස්ථානය දිය නාන්න නම් එච්චර යහපත් තැනක් නෙවෙයි ඒ ආශ‍්‍රිතව වෙළඳාම් කරන අය නම් කියන්නේ. මොකද මේ බඹර කිරිඇල්ලේ හිටිගමන් ජල දහරාව වැඩිවෙන අවස්ථා තියෙනවා. එය එක්වරම වෙන නිසා ඔන්න බඹර කිරිඇල්ලෙන් නාන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් ප‍්‍රවේසම් වෙන්න මතක තියාගන්න. ඒ වගේම තාමයි ඔබට මේ බඹර කිරිඇල්ල ගාවට ගියාම එක්වරම පේන්නේ මහ බඹර කිරි ඇල්ල. 

මෙතනට ගියාම එල්ලෙන වැල් පාලමක් තියෙනවා. මේ පාලමෙන් එගොඩට යන්නත් සමහර අය බයවෙලා මෙගොඩ ඉඳන් බඹර කිරි ඇල්ල නරඹලා එන බව අපිත් දැක්කා. මේ එල්ලෙන පාලමෙන් එතෙර වෙද්දී ලෑලි පිහිටා තියෙන හරි මැද තියෙන කම්බියට සමාන්තරව ඔබ පය තබා යනවා නම් මේ පාලමේ සෙලවීම ඉතා අඩු මට්ටමකින් සිදුවෙන්නේ. නමුත් ඔබ සාමාන්‍ය ආකාරයට ඇවිද යනවිට මේ පාලමේ සෙලවීම වැඩියි. ඒ වගේම තමයි මේ එල්ලෙන වැල් පාලමෙන් එගොඩවෙලා එතනින් පහලට බැස්සම තියෙන්නේ මහ බඹර කිරි ඇල්ල. ඊට උඩහට යන්න කුඩා අඩි පාරක් තියෙනවා. ඒ කුඩා පාරේ ගියාම ඔබට තවත් සුන්දර දිය ඇල්ලක් දකින්නට ලැබෙනවා. ඒකට කියන්නේ කුඩා බඹර කිරිඇල්ල කියලයි. මේ දිය ඇලි දෙකම පිහිටලා තියෙන තැන දිය වළෙන් නම් ඔබ නාන්න යන්න එපා. මොකද එතන ඉතාම අනතුරුදායක ස්ථානයක්. ඒ නිසා සුන්දර පරිසරයේ රහ බලන ගමන් හිතේ විඩාවත් නිවාගෙන ගතේ පහසත් ලබාගන්න පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඔබ මේ ස්ථානයේ කැළිකසල දමලා අපවිත‍්‍ර කරන්න නම් එපා. ඔබ ගෙන යන කැළිකසළ ආපහු ඔබම රැගෙන එන්න. මොකද මතු පරපුරපුරට මේ සුන්දර බඹර කිරිඇල්ල රැකලා දෙන එක අපි කාගෙත් ජාතික කර්තව්‍යයක්. 

බඹර කිරිඇල්ලේ සුන්දරත්වය විඳින්න ඔබත් මාතලේ සංචාරය කරනවා නම් අමතක කරන්න එපා. සීතල දිය දහරාවන්ගෙන් ගත දෝවනය කරගෙන ස්වාභාවික පරිසරයෙන් සිත වින්දනය කරගෙන ගතේ මහන්සිය වගේම හිතේ මහන්සියත් නැති කරගෙන බෙලිමල් එකක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක රහ බලන්නත් මේ සුන්දර බඹර කිරිඇල්ල බලන්න එන ඔබට හැකියාව තියෙනවා. මේ ස්ථානයේ දිය නාන ඔබ අනුගමනය කරන්න ඕන නීති රීති ගැනත් රත්තොට ප‍්‍රාදේශීය සභාව විසින් දැන්වීම් පුවරු සවිකරලා සංචාරකයින්ව දැනුම්වත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න අමතක කරන්න එපා කියලා තමා අපි ඔබට අන්තිමට කියන්නේ.

 

  ►  Text- chandana / Pic – Channa kassapa

 

2020-03-17-ent-96 2020-03-17-ent-87 2020-03-17-ent-88 2020-03-17-ent-89  2020-03-17-ent-91 2020-03-17-ent-92 2020-03-17-ent-93 2020-03-17-ent-94 2020-03-17-ent-95