අද යනවා දඹානේ



2017-01-04-ent-54

බොහෝමයක් අය ගිහින් ඇවිත් ඇති. ඒත් නොගියපු අය වෙනුවෙන් අපි අද යනවා දඹානේ. පොඩි දරැවොත් කියවන නිසා ඔවුන්ටත් දවසක රටතොට ඇවිදීමේ ආශාව ඕනෑකම හදන්නට නිතරම යන තැනක්නේ කියලා මඟ අරින්නේ නැතිව යමු එහෙනම් දඹානේ.

2017-01-04-ent-55දඹාන කිව්ව ගමන් ඉතින් මතක් වෙන්නේ වැදි ජනතාව. මහියංගනයට ගිහින් එතැන ඉඳලා මහියංගනය - මහනුවර මාර්ගයේ කිලෝමීටර් 17ක් පමණ ගියාම තමයි දඹාන වැදි ගම්මානයට යන මාර්ගය මුණගැහෙන්නේ. දැන් වෙද්දි නම් වැදි ජනතාව විශාල වශයෙන් නවීකරණය වෙලා. ඔවුන්ගේ ජීවන ක්‍රමයේ ඉඳලා කෑමබීම දක්වා බොහෝ දේවල් වෙනස් වෙලා. ඒ වගේම මහියංගනය රජමහා විහාරයේ ඉඳලාම වැදි ජනතාවගේ ව්‍යාපාර දකින්නත් පුළුවන්. වැදිරුහේ ඇත්තන්ම කියන විදියට නම්.

අද දවස් පොජ්ජ මන්දො වෙනකොට ලෝක පොජ්ජ වෙනස් තැන මන්දො වෙනවා. ගම් පොජ්ජවල් වෙනස් තැන මන්දො වෙනවා. මිනිස් ගජ්ජු වෙනස් තැන මන්දො වෙනවා.

හැබැයි මේ ඇත්තන්ට ඇය රැකලට මන්දො වෙන එකක් තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ ඇහි රැකලට මන්දොකෙරැවත් වෙලා පොජ්ජකට මේ ඇත්තන්ගේ කැකුළොත් ඉදිනිවා තැරිකෝමන්තැලක් වටාගෙන හොදා වාගේ. කෝමන්තැලක් වටාගෙන හිඳින කැකුලො හිදිනවා කරැ කුරැගච්චන රැකුල් පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කරන කැකුලොත් හිදිනවා. කෝමන් තැනින් වෙනස් තැන මන්දො වුණත් ඒ ඇත්තන්ගේ සිරිත් පොජ්ජෙන් වෙනකට මනදො වෙලා කොදොයි. කරැ කරැගච්චන රැකුල් පොජ්ජෙ මන්දොවන කැකුලො ඒ වැඩ පොජ්ජේ හමාර තැන මන්දොවෙලා පැල පොජ්ජවල්වලට මන්ගච්චපුවම මංගච්චන්නේ පෙතලි පොජ්ජකුත් කැලෑ පොජ්ජෙ. කැලෑ පොජ්ජට මංගච්චල පැණි පොජ්ජ හෙවම් පොජ්ජ මන්දොකරනවා ගෙඩි පොජ්ජවල් තිබෙන කාල මැච්චෙදි නිවාඩු පොජ්ජ තිබෙන දින පොජ්ජවල්වලදි ගෙඩි පොජ්ජ.

වල් එකතු තැන මන්දොකරනවා. ඒ වගේ අල පොජ්ජ හෑරැම් පොජ්ජ මන්දො කරනවා. ඉතින් මේ ඇත්තො හිත්ලාන්නේ රැකල් පොජ්ජක රදන පොල්ලච්චල ඇත්තො ඒ ඇත්තො හැදච් පොජ්ජ මන්දො කරන්නේ රැකුල් පොජ්ජක ඒ ඇත්තන්ගෙ සිරිත් පොජ්ජ තමයි. දඩයම් පොජ්ජ මන්දො කරගෙන කැලෑ පොජ්ජ මංගච්චලා මොනා එකෙක් හරි ඇල්ලම් පොජ්ජ මන්දො කරගෙන කැවිල්ලාන එකල ඒවාගේ තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ කැකුලො ආණ්ඩු පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කෙරැවත් රැකුල් පොජ්ජට මංගච්චු ගමන් මංගච්චනේ කැලෑ පොජ්ජට...

ඉස්සර වගේ දැන් කැලේ රිංගලා සත්තු මරාන කන්න අවසරයක් මොවුන්ට නෑ. ඉස්සර ඔවුන්ගේ බඩ පුරවපු කැලේට දැන් කියන්නේ මාදුරැ ඔය රක්ෂිතය කියලා. ඒ නිසා දැන් වැදි ජනතාව සාමාන්‍ය ගම් වැසියන් වගේ ගොවිතැන් බත් කරගෙන රුකියාවක් කරගෙන ජීවත් වෙනවා. සැලකිය යුතු පිරිසක් කොළඹට ඇවිල්ලා රුකියා කරන බවයි අපිට නම් කිව්වේ. වැදි ගම්මානයේ අතීත සිරිය දකින්න පුළුවන් වෙන්න අපූරැ කෞතුකාගාරයක් හදලා තියෙනවා. ඒ කෞතුකාගාරයට ගියාම නම් අතීතයේ ජීවත් වූ නියම වැද්දන්ගේ කලඑළිය දකින්න පුළුවන්.

එෙහනම් වැදිගමේ කෞතුකාගාරයට එන සතියේදි මංගච්චමු

 

Text - Prasad

 

2017-01-04-ent-53
2017-01-04-ent-52
2017-01-04-ent-51
2017-01-04-ent-50
2017-01-04-ent-49