ජාන්විගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය කල් දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිතෙෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ බවාල් චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. එයට හේතුව වී ඇත්තේ චිත්‍රපට රූපගත කිරිම්වලදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසාවෙන් බව සඳහන් වෙයි. ජනප්‍රිය යොවුන් සිනමා නිළි ජාන්වි කපූර් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඇය සමගින් වරූන් ධාවන්ද මෙහි රංගනයේ යෙදේ.

මෙහි සියලු රූපගත කිරිම් කටයුතු එංගලන්තයේ ලන්ඩන් නුවරදී සිදු වු අතර, සඳහන් වෙන්නේ මෙහි දර්ශන කිහිපයක් නැවතත් ලන්ඩනයේදීම රූපගත කරන්නට සිදුව ඇති බවය. චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙය හැකි ඉක්මණින් නිරාවරණය කොට චිත්‍රපටය ප්‍රදර්ශන දිනය සිනමා ලෝලීන්ට ලබා දෙන්නට කටයුතු කරන බවය.