කොලිවුඩයේ සුරූපී නිළි කීර්ති සුරේෂ් කියන්නේ කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. මෑතක ඇය සුපිරි නළු රැජිනිකාන්ත්ගේ චිත්‍රපටයකත් රංගනයේ නියැලුණා.
මේ අතර, හදිසියේ ම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා.
එම සටහනින් ඇය කියා තිබුණේ, තමන්ට කොවිඩ් වැළඳුණූ බවයි.
එසේම මෑතක තමන් හා සබඳකම් පැවැත්වූ අයගෙනුත් ඇය ඉල්ලීමක් කර තිබුණා.
"මට කොරෝනා. සුළු රෝග ලක්ෂණත් තියෙනවා. මම දැනට වෛද්‍ය උපදෙස් මත හුදකලාව ඉන්නවා. කරුණාකරලා ඔයාලත් පිරිස්සම් වෙන්න. එන්නත ලබාගන්න. විමසිල්ලෙන් ඉන්න.."
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය මේ සමඟම කොරෝනාවට ගොදුරු වූ ඉන්දියානු නළු නිළියන් ගැන බොහෝ තොරතුරු වාර්තා කර තිබුණා.
මහේෂ් බාබු, ත්‍රීෂා යන අයටත් මෑතක කොවිඩ් පහර දී තිබූ අතර, මින් පෙර දී හාස්‍ය නළු වඩිවේලූටත් කොරෝනා වැළඳුණූ බව අපි ඔබට කිව්වා.
එමෙන්ම කමල් හසන්ටද කොරෝනාවෙන් බේරීමට නොහැකි වුණා.
"කොරෝනා! සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පටන් අරන් එයා දැන් ජනප්‍රිය පුද්ගලයින් කවුරුවත් ඉතිරි කරන් නෑ.. මේක ඇත්තෙන්ම අපේ කනස්සල්ලට හේතුවක්." යැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා.
By Lakshan
විදෙස් මාධ්‍ය



Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
