කියාරාට අහිමි වූ මධුබාලාගේ චරිතය අනීත් පඩ්ඩා ඩැහැගනී

50, 60 දශකවල ඉන්දීය සිනමාව තුළ නොමැකෙන සටහනක් තැබූ, බොලිවුඩයේ එදා මෙදා තුර බිහිවූ අතිශය සුන්දරම නිළි රැජින වන 'මධුබාලාගේ' ජීවිත කතාව රැගත් චරිතාපදාන චිත්‍රපටය (Biopic) සඳහා ප්‍රධාන නිළිය ලෙස අනීත් පඩ්ඩා ගිවිසුම්ගත වී ඇති බව මේ වනවිට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.
මෙහි ඇති වඩාත් විශේෂම කාරණය වන්නේ, මෙම චිත්‍රපටය සඳහා මුලින්ම තෝරාගෙන සිටියේ බොලිවුඩයේ ජනප්‍රිය නිළි කියාරා අද්වානි වීමයි. කියාරාට ලැබුණු චිත්‍රපටයක් නවක නිළි අනීත් විසින් සිය ග්‍රහණයට නතු කරගත් තුන්වන අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. මීට පෙරද 'සයියාරා' සහ 'ශක්ති ශාලිනී' යන චිත්‍රපට ද්විත්වය සඳහාද මුලින්ම කියාරාව තෝරාගෙන තිබූ නමුත්, පසුව ඇයව ඉවත් කර ඒ සඳහා අනීත් පඩ්ඩාව යොදාගනු ලැබුවා.
මේ සිදුවීම් මාලාවත් සමඟම බොලිවුඩ් සිනමා ලෝකය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ, අනීත්ගේ මේ ප්‍රබල ආගමනයත් සමඟින් කියාරා අද්වානිගේ සිනමා ගමනට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. "අනීත්ගේ පැමිණීම කියාරාගේ බොලිවුඩ් අනාගතයේ අවසානයද?" යන්න දැන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.
Trending News
Events
ගින්දර ආදර කතාවක් ගිනියම් යාමය
- 22-05-2026
ලාංකික ටෙලිකලාවට තවත් තරුවක් - තාරුල්යා
- 21-05-2026
රූපහලෙන් දැන් චිත්‍රපට 500ක්
- 21-05-2026
තරු මැද ඇරුණු VENUS CLINIC
- 20-05-2026
