දමිළ සිනමාවම හොල්ලපු Jailer -2 චිත්‍රපටයෙන් මෝහන්ලාල්ට ලොකු අසාධාරණයක්
මේ දවස්වල ලෝකය පුරාම දුවන ලෝකයේම පිස්සු වට්ටපු ෆිල්ම් එකක් තමයි ජේලර් 2 කියන්නේ.
ඒත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ දැන් දැන් තමයි මේ ෆිල්ම් එක අස්සේ හැංගිච්ච ලොකු රහසක් එළියට එන්නේ. ඒ තමයි මලයාලම් සිනමාවේ රජු විදිහට සලකන මෝහන් ලාල්ට ජේලර් -2 චිත්‍රපටයෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියන එක.
ජේලර් පළවෙනි චිත්‍රපටයේ මෝහන්ලාල් රඟපෑව මැතිව් කියන චරිතයට ලොකු ඉඩක් වෙන්වෙලාා තිබුණත් ජේලර් -02 චිත්‍රපටයේදී එයාට ලොකුම අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා තියෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයන් මැතිව් චරිතයට මාර විදියට ආදරේ කළා. ඒක තමයි ඇත්ත.
මෝහන්ලාල්ලගේ ප්‍රේක්ෂකයන් හිතුවේ ජේලර් -02 චිත්‍රපටයේත් මෝහන් ලාල්ට ඒ වගේම ලොකු තැනක් ලැබෙයි කියලා. හැබැයි වෙලා තියෙන දේ තේරුනේ ෆිල්ම් එක බැලුවට පස්සේ .හරිම පොඩි ඉඩක් තමයි ඒ ෆිල්ම් එකේ මෝහන්ලාල්ට දීලා තියෙන්නේ.
ලොකුම විහිළුව කියන්නේ ජේලර් -02 පූර්ව ප්රචාරක පටය නැත්නම් ට්‍රේලර් එකේ හිටපු මෝහන්ලාල් සමහර දර්ශනත් ෆිල්ම් එකේ නැති වෙච්ච එක.
මෝහන්ලාල්ගෙන්වත් එයාගේ ටීම් එකේ කාගෙන්වත් අහන්නෙ නැතුව තමයි මේ දර්ශන චිත්‍රපටයෙන් කපා හැරලා තියෙන්නේ.ඇත්තටම මෝහන්ලාල් කියන්නේ මලයාලම් සිනමාවේ රජෙක් වගේ මනුස්සයෙක්. ඉතින් ඒ වගේ මනුස්සයකුට මේ වගේ අසාධාරණයක් වෙච්ච එක සහ නොසලකා හැරීම ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ කළකිරීමකටත් වඩා කේන්තියකින්.
මෝහන්ලාල්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා වෙච්චපිෂාඩ් ශම්සුදීන් ඒ ගැන ලොකු විරෝධයක් පළ කරලා තියෙනවා. එයා කියන විදිහට එයා ඒ චරිතයට එයා හුඟක් මහන්සි වෙලා ඇඳුම් හුඟක් නිර්මාණය කරලා තියෙනවා .ඒත් එච්චර මහන්සියක් දරලා නිර්මාණය කරපු එකම ඇඳුමකින්වත් ෆිල්ම් එකේ දර්ශන නැහැ.මෝහන් ලාල් වගේ නළුවෙකුට මෙහෙම සලකපු එක හරිද මොකක්ද මේ කරපු කැත වැඩේ කියලා තමයි ඔහු අහලා තියෙන්නේ. ඒ වගේම ජේලර් 3 චිත්‍රපටය ආවොත් ඔහු කිසිම විදිහකින් මේකට සම්බන්ධ වෙන්නේ නෑ කියලත් කියලා තියෙනවා.
හැබැයි මේ ඔක්කොම සීන්කෝන් අස්සෙ ජේලර් 2 චිත්‍රපටය දවස් දහඅටක් ඇතුළත කෝටි අටසීයක ආදායමක් තියලා තියෙනවා. ඒක මෙච්චර කාලෙකට දමිළ සිනමාවේ තිබ්බ ලොකුම ආදායම් වාර්තාව.දැන් කෝටි දාහ පනින්න සූදානම් කියලා තමයි ආරංචිය .75 හැවිදි රජිනිකාන්ත් දමිළ සිනමාවේ රජු කියලත් ඔන්න ආයෙත් සැරයක් ඔප්පු වුණා.
ප්‍රේක්ෂක විරෝධය මේ විදිහට දැඩිව ආවත් මේ කපලා දාපු දර්ශන ගැන රජිනිකාන්ත්වත් මෝහන්ලාල්වත් අධ්‍යක්ෂක නෙල්සන් දිලිප් කුමාර්වත් තාම කට ඇරලා නැහැ සිනමා විචාරයෝ කියන විදිහට මේ ෆිල්ම් එකේ වේගය තියාගන්න මේ දර්ශන කපන්න ඇති කියලත් විශ්වාස කරනවා. හැබැයි මොන දේ කොහොම කීවත් මෝහන්ලාල්ගෙ ප්‍රේක්ෂකයින් නම් මේ ගැන ඉන්නේ හරිම කේන්තියකින්.

