දශක ගණනාවක් මැලේසියාවේ දරුවන්ට ශිල්ප සදන ගුරුතුමියගෙන් ගුරු උපහාර
දශක ගණනාවක් තිස්සේ මැලේසියාවේ වෙසෙන සිංහල,දමිළ ,මැලේ ආදී දරුවන් සිය දහස් ගණනකට ජාති,ආගම්,පන්ති ,කුල හේදයකින් වියුක්තව නොමිලේම නර්තන විෂය උගන්වමින් එමෙන්ම මැලේසියාවේ නොයෙකුත් සංස්කෘතික උත්සවවලදී නර්තන අංග නිර්මාණය කරමින් දරුවන් පුහුණු කරමින් සාම්ප්‍රදායික නර්තන කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන විදේශ රටවල් ගණනාවක නර්තනවේදීනියක් ලෙස නර්තන ප්‍රසංග සඳහා ඉදිරිපත් වූ ප්‍රවීණ නර්තන උපදේශිකාවක් සහ නර්තනවේදිනියක් වන දයානි හේමදාස තමන් සිප් සතර හැදෑරූ කලායතනය සහ ගුරුවරුන් සොයා ඉකුත් දිනයක ලංකාවට පැමිණියා ය.
පෙතංගහවත්ත ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානයේ පැවති මෙම සුහද හමුවට ඇය හා ජීවන කලායතනයේ සිප් සතර හැදෑරූ සමකාලීන සොයුරු සොයුරියන් විසි දෙනෙක්ද එක්ව සිටි අතර එදින ස්වාමීන් වහන්සේලා හත් නමකට දවල් දානය පිරිනැමීම සහ ආරාධිතයින්ට දවල් කෑම පිරිනැමුණි.
විහාරස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ විමල හිමි,දුලවංශ ගුණවර්ධන ගුරුතුමන් ,සහ එදින පැමිණ සිටි පේමා,නන්දසිරි ඇතුළු සොයුරු සොයුරියන්ටත් ඇය ස්නේහයෙන් පිළිගත් දරුවන්ටත් ඇය කෘතවේදීත්වය පුද කළ ඒ දවස සැබැවින්ම කෙතරම් සුන්දරද ?















