අමිර් ඛාන් නැවතත් චරිතාපදානයකට තෝරා ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලාල් සිං චද්ධා චිත්‍රපටයෙන් පසුව නැවත වරක් සුපිරි නළු අමිර් ඛාන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ ජිවිත කතාව පාදක කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටයක් සඳහා එක්ව ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන්නක් බවද පැවසේ.

ෂාරුක්ගේ අඩිපාරේ යමින් අමිර් මේ වනවිට වසරකට චිත්‍රපට තුනක් සඳහා පෙනි සිටින්නට සැළසුම් කර තිබෙන අතර, ඔහු විසින් කිසිදු චිත්‍රපට නිෂ්පාදනයක් නොකරන්නටද ඔහු පියවරේ ගෙන තිබෙන බව සඳහන් වෙයි. පසුගිය කාලයේ ඔහු රංගනයෙන් ඉවත්ව චිත්‍රපට නිෂ්පාදනයට පමණක් යොමු වෙන්නට තිරණය කර තිබුණි.