අමිර්ගේ පුතා එක්ක රඟපාන්න බොලිවුඩයට එන සායි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට රැසකම දුටු සායි පල්ලවී මේ වනවිට බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙමින් සිටියි. ඇයගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපටය යාශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරන අතර, එය නුදුරේම රූපගත කරන්නට සූදානම් කර තිබේ.

මෙහි ඇයගේ සිනමා පෙම්වතා ලෙස රංගනයෙන් එක් වන්නේ සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ගේ වැඩිමහල් පුත් ජුනයිඩ් ඛාන් බව සඳහන් වෙයි. මීට දින කිහිපයකට පෙර මේ බව යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණ බව සඳහන් වෙයි.