අර්ජූන් මලෙයිකා වෙන්විමේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ පෙම්වතුන්ව සිටි සිනමා නළු අර්ජූන් කපූර් හා සල්මාන්ගේ බාල සොහොයුරු අර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳ මලෙයිකා ආරෝරා අතර තිබු ප්‍රේම සම්බන්ධය මේ වනවිට බිඳ වැටි ඇති බවට තොරතුරු ලැබේ.

එයට හේතුව වී ඇත්තේ අර්ජූන්ගේ පවුලේ සාමාජිකයන් වූ ජාන්වි, කුෂි, අනුෂ්ලා, බොනි කපූර් සමගින් මලෙයිකා වැඩි ඇයි හොඳයියකින් කටයුතු නොකිරිම බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර අර්ජූන් හා මලෙයිකා දෙදෙනා මුම්බායි අවන්හලක රාත්‍රි ආහාර ගනිමින් සිටිනු දක්නට ලැබුණ අතර, ඔවුන් මාධ්‍යයකරුවන්ට මුහුණ නොදි ඉතා ඉක්මණින්ම ඉන් ඉවත්ව ගොස් තිබුණි.