ආක්ෂේට හොඳම යාළුවාගෙන් උපන්දින සුබපැතුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕ මයි ගෝඩ් දෙවැන්න හරහා නැවතත් සිය නැතිවී ගිය සාර්ථකත්වය ළඟා කරගත් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. එහිදි ඔහුට මුලින්ම සුබපැතුම් එක්කොට තිබුණේ දශක ගණනාවක් තිස්සේ ඔහුගේ හොඳම මිතුරාව සිටි අජේ දේව්ගන් ගෙනි.

ඔහු සුර්යවංශි චිත්‍රපටයේ පොලිස් නිල ඇඳුමින් ආක්ෂේ කුමාර් සමගින් පෙනි සිටින ඡායාරූපයක් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණේ ද මැන් ලෙස ආක්ෂේ කුමාර් එහිදි ඔහු විසින් හඳුන්වාදිද තිබුණි. මීට පෙර ආක්ෂේද අජේගේ උපන්දිනයට මෙවැනි ඡායාරූපයකින් සුබපැතුම් එකතු කොට තිබුණ බව වාර්තා වෙයි.